අපරාධපුවතකට වැඩි යමක්

සංචාරක කර්මාන්තයටත් මිලිටරිකරණය

උතුර, මුලතිව් දිස්ත්රික්කයේ, වන මූකලන්ගහණයේ, එල්ටීටීඊයේ අතීත මෙහෙයුම් මධ්යස්ථානය පිහිටි, පුදුකුඩිඉරිප්පුව දකුණු මා ඉම, දැන් හොල්මං නගරයකි. සංචාරකයන් වෙත, මෙහිදී පිරිනැමෙන මාර්ගෝපදේශයන් සහිත චාරිකාව භූගත තෙමහල් බංකරයක්, වෙඩි පිටියක්, සිනමාහලක්, අර්ධ භූගත රථ ගාලක් සහ අවමගුල්හළකින් සමන්විත එකකි.

එහි නොමැත්තේ, තිස් වසරක සිවිල් යුද්ධයේ විපාක හේතුවෙන්, සමාජ-ආර්ථික අධෝව්යුහය සුණුවිසුණු කැරුණ ඒ පළාතෙහි, එල්ටීටීඊ යට අනවරත බියෙන් ද අනතරුව ශ්‍රී ලංකා යුද හමුදාවේ හිංසාවෙන් ද පරිපීඩිතව දිවි ගෙවූ , දෙමළ මිනිසාගේ දුක්ගැහැට පිළිබඳ විස්තර ය. ප්‍රධාන වශයෙන් ම සිංහලයන්ගෙන් සැදුම්ලත් සංචාරක නඩ, මෙහි ම සිදුවුණු සහමුලින් ම විනාශකාරී සිද්ධීන් පිළිබඳ සත්‍ය වටහා ගන්නවාට වඩා, යුද නශ්ඨාවශේෂයන්ගෙන් සංතෘෂ්ඨියට පත්වන්නෝ බව පෙනෙයි.

උතුරු පළාත පුරා දැන් දැන් පැටව් ගසමින් එන්නේ, එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ මෘත ශරීරය හමුවුණැයි සලකුණු කරමින් පුදුමාතලන්හි ගොඩනැඟී ඇත්තාක් බඳු, ආණ්ඩුවේ ‘ත්‍රස්තවාදයට එරෙහි විජයග්‍රහණය’ සලකුණු කරනු වස් ඉදි වූ, ආක්‍රමණික ජයෝන්මාදවාදී යුද ස්මාරක රොත්තකි. අමු අමුවේ සිංහලකම විදහන රණකාමී ස්මාරකයන් සැබෑ සමගි සන්ධානයක් ඇතිවීම සඳහා අවශ්‍ය අනෙකා ගේ සිත් දිනාගන්නා සුළු, විවෘත එළැඹුමකට මුළුමනින් ම එදිරි ව සිටී.

දෙමළ මිනිසාගේ සිත් දිනාගැනීම කෙසේ වෙතත් ඔවුන් තව තවත් තනිකිරීම මෙම සංචාරක මිලිටරිකරණය හඳුන්වාදීමේ අරමුණ බව දැන් ඉතාම පැහැදිළිය.

සටහන: ඩෙස්කා කුඩාවිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *