රාජ්‍ය ආරක්ෂක අමාතංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවන Defence.lk අඩවිය පසුගිය දා දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් සහ ඔහුගේ 12 හැවිරිදි පුත්‍රයා වන බාලචන්ද්‍රන් ඝාතනය කළ ආකාරයෙ දැක්වෙන ඡායාරූපයක් එම වෙබ් අඩවියේ ඉදිරි පිටුවේ ම පළකරමින් සදහන් කර තිබුණේ Terrorists killed යනුවෙනි. (මේ වනවිට එම පුවතට අදාළ ඡායාරූපය එම වෙබ් අඩවියෙන් ඉවත් කර ඇත.) එම ඡායාරූප දෙකටම අල්-කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ ඡායාරූපයක් සහ ඔහුගේ පුතායැයි සදහන් කරමින් ඡායාරූපයක්ද අමුණා තිබුණි.
එම පුවත සදහන් කර සිටින්නේ ඇමරිකාවට ඔසාමා බින් ලාඩන් සහ ඔහුගේ පුතා ඝාතනය කළ හැකිනම් ශ්‍රී ලංකා හමුදාවටද එම අයිතිය ඇති බවයි. ඒ අනුව යුද්ධය අවසාන අදියරේදී හමුදාවට බාරවූ 12 හැවිරිදි බාලචන්ද්රන් හමුදාව විසින් තමන්ට ඇති එම පුවතට අනුව පවසා සිටින “ඊනියා අයිතිය” අනුවම ඝාතනය කළ බව එම පුවත ඔස්සේ සනාථ කර සිටී. ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිරූපය නැංවීමේ ප්‍රබල වෙහෙසක් ගනු ලබන, ඔහු විසින්ම මෙහෙයවන එම වෙබ් අඩවියට එම ලිපිය ලියනු ලබන්නේ ෂෙනාලි වඩුගේ නැමැත්තියකි. ඇයටත් ඇයට මෙම පුවත ලියන්නට අණදුන් යුධ අපරාධකාරයින්ටත් ” යුද්ධයක් අතරතුර රජයේ පාර්ෂවයකට භාරවන සියලු පුද්ගලයන්ගේ ජීවිත අයිතිය සුරක්ෂිත කිරීමට රජයකට කොන්දේසි විරහිත වගකීමක් ඇති බව” ශ්‍රී ලංකා රජයටත් අමතක වී ඇති බව මේ සම්බන්ධව අප වෙත අදහස් දැක්වූ නීතිවිශාරදයෙකු පැවසීය.
අනෙක් කරුණ ඇමරිකාව හෝ ලෝකයේ කිසිදු රටක් අපරාධයක් සිදුකළ පමණින් එම අපරාධ තවත් රටක සිදුවීම කිසිදු ලෙසකින් සාධාරණ කළ නොහැකි බවත් ඔහු තවදුරටත් පැවසීය. එලෙසම Terrorists killed යනුවෙන් එම පුවතේ සදහන් කර තිබූ ආකාරයට 12 හැවිරිදි නිරායුධ දරුවකු ත්‍රස්ථවාදියෙකු වන්නේ කෙසේදැයි ද? යනුවෙන්ද ඔහු ප්‍රශ්ණ කර සිටී.
බාලචන්ද්රන් ඝාතනය සම්බන්ධව එළිදැක්වී ඇති නවතම ඡායාරූපයන්හී කාලපරාසයන් පිළිබද ස්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්රවාදය සදහා වන මාධ්යවේදියෝ සංවිධානය (JDS) පවසා තිබුණේ 12 හැවිරිදි බාලචන්ද්රන් හමුදා බංකරයක් තුළ සිටින ඡායාරූප 2009 මැයි 19 වැනිදා 10.14 ට ගෙන ඇති බවත් ඔහු ඝාතනය කර ඇති ආකාරය දැක්වෙන ඡායාරූපය දහවල් 12.01 ට ලබාගෙන ඇති ඡායාරූපයන් බවයි.
ශ්‍රී ලංකා රජය මුලින් පවසා තිබුණේ සටන් අතරතුර වෙඩ් හුවමාරුවකදී බාලචන්ද්‍රන් ඝාතයවී ඇති බවයි. නමුත් මෙම නව විඩියෝ සහ ඡායාරූපයම සාක්ෂි වලින් ඔහු ඝාතනය වූයේ වෙඩි හුවමාරුවකදී නොව පැහැදිලිව එය සැලසුම් සහගත ඝාතනයක් බව ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබද වාර්තා චිත්‍රපට ත්‍රිත්වයේ අධ්‍යක්ෂක කැලම් මැක්රේ ප්‍රකාශ කර සිටියි.
සටහන: ඩෙස්කා කුඩාවිල