Skip to content
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පෙන්නම්බලම් ඊයේ(15) වැනිදා ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 22 වැනි සැසිවාරයේ සර්ව වාරික සමාලෝචනය අමතමින් පවසා සිටියේ උතුරු – නැගෙනහිර දෙමළ නිජභූමියට අන්තර්ජාතික අධීක්ෂණයක් සහිත අන්තර්වාර පරිපාලනයක් ඇති කළයුතු බවයි.
දෙමළ ජනයාට ඇත්තේ පුද්ගල මානව හිමිකම් ප්රශ්ණ්යක් නොවන බව පෙන්වා දුන් ගජේන්ද්ර කුමාර් පෙන්නම්බලම් පවසා සිටියේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණය දෙමළ ජාතිය විනාශ කිරීම පිළිබද ප්‍රශ්ණයක් බවයි.
” වසර 65 ක් දෙමළ – සිංහල ගැටුමේ අවසානයේ විශේෂයෙන්ම වසර 26 ක සන්නද්ධ ගැටුමේ අවසානයේ ශ්‍රී ලංකා රජ්‍ය පෙන්වා ඇත්තේ ශ්‍රී ලංකාව යනු සිංහල-බෞද්ධ දේශයක් යන්නයි. “
” කියන්න කණගාටුයි, දෙමළ කාන්තාවන් දුෂණය වීම සම්බන්ධව සිය අවදානය යොමුකරමින් ප්‍රකාශයක් නිකුත්කලේ ඔස්ට්‍රියාව පමණයි. දෙමළ ජාතිකයක් ලෙස දෙමළ ජනයාගේ නම් පවා මගහැර තිබෙනවා. එම ආර්ථයෙන් සර්ව වාරික සමාලෝචනය තුළ දෙමළ හරණයක් සිදුකර තිබෙනවා.” යනුවෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායකයා වැඩිදුරටත් පවසා සිටියේය.
උතුරු – නැගෙනහිර දෙමල නිජභූමිය තුළ සිදුකරන සැලසුම් සහගත වර්ග සංහාරය නතර කිරීමට හැකි එකම මග එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය මත පිහිටුවන අන්තර්ජාතික යාන්ත්රණයකින් බව දෙමළ ජාතික ජනතා පෙරමුණෙහි නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පසුගියදා යාපනය මාධ්‍ය සංගම් පරීශ්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදීද පැවසා සිටියේය. එහිදී ඔහු තවදුරටත් පවසා සිටියේ පෙනීයන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකා රජයට තවදුරටත් කාලය ලබා දෙනු ඇති බවයි. අවම ප්‍රතිපත්තිමය කාරණා තුළින්වත් බැහැරව පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී දෙමළ ජාතික සන්ධානයද සහය දුන් ශ්‍රි ලංකාව සම්බන්ධව වන යෝජනාවෙන් පසුගය මාස 12 තුළදී ඇතිවී ඇති ප්‍රතිඵලය කුමක්දැයිද ඔහු ප්‍රශ්ණ කර සිටියේය.
එසේම යුද්ධයේ අවසාන අදියරේදී සිදුවූ අපරාධවට සීමා නොවී බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ පිටව ගියදා සිට දෙමළ ජනායාට එරෙහිව සිදුවූ වර්ග සංහාරය සම්බන්ධව විමර්ෂන කළයුතු බවත් ඔහු අවධාරණය කර සිටියේය. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරපත් කිරීමට නියමිත යෝජනාවද දෙමළ ජනතාව තුල යුක්තිය සම්බන්ධය බලාපොරොත්තු අවසානයේදී ඔවුන්ව මුලාකරනු ඈතැයිද දෙමළ ජනතාවගේ 60 වසරක දේශපාලන අභිලාශයන් ඉටුකිරීමේ යෝජනාවක් ජාත්‍යන්තරය කිසිම අවස්ථාවක ඉදිරිපත් නොකරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කලේය.
සටහන: ඩෙස්කා කුඩාවිල
TN