Skip to content
බ්‍රිතාන්‍ය මූලික කරගත් ලෝක දෙමළ සංසදව විසින් ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකරන ලද මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධව නව සාක්ෂි සහිත විඩියෝ පටයක් මුදාහැර තිබේ. ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ ජාතිකයන් පිරිසක් දෑත් පසුපසට තබා බැද සිටින ආකාරයත් ඉන් පසුව එම පිරිස් ඝාතනය කරන ඇති ආකාරයත් එම විඩියෝ දර්ශණය වෙයි. එම ඝාතනය කරන පිරිස අතර දරුවකුද වෙයි.
” ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කරන ලද එකම දරුවා 12 හැවිරිදි බාලචවන්ද්රන් පමණක් නොවෙයි. එම ආකාරයෙන් විශාල ලමුන් පිරිසක් හමුදාව විසින් ඝාතනය කරනු ලැබුවා. ” යනුවෙන් Deccan Chronicle වෙබ් අඩවියට සිය අදහස් දැක්වූ ලෝක දෙමළ සංසදයේ ක්‍රියාකාරිකයකු පවසා තිබුණේ මෙම විඩියෝ දර්ශණ ශ්‍රී ලංකා හමුදා නිළධාරියෙකුගෙන් ලබාගත් ඒවා බවත් එයට කිසිදු මුදල් ගෙවීමක් නොකළ බවත්ය. එසේම මෙම දර්ශණ සම්බන්ධව සැකයක් පවතින්නේනම් ඒ සම්බන්ධයෙන පරීක්ෂණයක් සිදුකළ හැකි බවයි. මෙම නව යුධ අපරාධ සාක්ෂි සහිත විඩියෝ දර්ශණය චෙන්නායි හි Puthiya Thalaimurai රූපවාහිනිය විසින් විකාශණය කරන ලදී.
සටහන: ඩෙස්කා කුඩාවිල