ඊයේ (01) සවස 4.00 ට පමණ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ යාපනයේ පිහිටි නිවස වෙත පැමිණි වැසි කබා හැද මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ගජේන්ද්‍රන්කුමාර් කෙහෙද සිටින්නේ ? යනුවෙන් විමසා එම අවස්ථාවේදී එම භූමියේ නවතා තිබූ වාහනද ඡායාරූප රූප ගෙන ඇති අතර එම අවස්ථාවේ එහි රුදීසිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් එස්.ගජේන්ද්රන්හටද තර්ජනය කර ඇති බව යාපනයෙන් වාර්තා වෙයි.
ඊයේ යාපනය,නෙල්ලඩි , වඩමාරච්චිහිදී පැවති ලෝක කම්කරු දින සැමරුමේදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායකයා ප්‍රකාශ කර සිටියේ 2009 පෙර පැවති දේශපාලනික ස්ථාවයන්ට පැමිණ දෙමළ දේශපාලනයේ යෂ්ඨිය අතට ගන්නේනම් තමන් විසින් නායකත්වය දෙනු ලබන දෙමළ ජාතික දෙමළ ජාතික ජනතා පෙරමුණේ සහය දෙමළ ජාතික සන්ධානයට ලබාදීමට සූදානම් බවයි.
දෙමළ සන්ධානය තුළ යම් මතගැටුම් ඇතිවී තිබෙව මොහොතක ප්‍රධාන ව්යස්ථාගත පක්ෂය වන තමින් අර්ෂුකච්චි පක්ෂය සහ දෙමළ සන්නද්ධ අරගලය ඔස්සේ ප්රජාතන්ත්රවාදී ප්රවාහයට පැමිණ දේශපාලන කණ්ඩායම් දෙපිරිසට දෙමළ ජාතික ජනතා පෙරමුණ නව දේශපාලන ප්රවේශයකි.
දෙමළ ජාතික පෙරමුණේ නායකයා විසින් දෙමළ සන්ධානයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මත පදනම් වූ පළාත් සභා මැතිවරණ මායාව දැඩිව විවේචනය කර සිටියේය.එසේම ඔහු චෝදනා කර සිටියේ දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනයා තුළමතුවන සැබෑ ජනතා අරගල මෙහෙයවීමට උත්සක නොවන බවයි.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් සිය පක්ෂයේ මතය එසේ පවසා වැඩි වේලාවක් ගතවීමට පෙර ඔහු සොයා මුහුණු ආවරණය කරගත් පිරිස් පැමිණීම උතුරේ ප්රජාතන්ත්රවාදී දේශපාලනය ඇති ඉඩ ප්රස්ථාවේ තරම පෙනෙන බව උතුරේ දේශපාලන ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
2012 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය එක්ව යාපනය නගරයේදී පැවැත්වූ මැයි රුළියට හමුදා බුද්ධි අංශ විසින් දෙමළ විමුක්ති කොටි සංවිධානයේ කොඩි රුගෙන පැමිණ එය කඩාකප්පල් කිරීමට උත්සහ දැරීය.
විශේෂයෙන් දෙමළ ජනයා ගැටලු සදහා සෘජුව මැදිහත් වෙමින් සිටින දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ඉලක්ක ගත කරමින් ඔවුන් දෙදෙනා නිහඩ කිරීමට රාජපක්ෂ රජය දැඩි උවමානවක් ඇති අතර අවස්ථාවන් ගණනාවක්දී ආරක්ෂක අමාතංශ ලේකම්වරයාගේ සෘජු නියෝග ලබන පිරිස් විවිධ ක්‍රියාවන් ඔවුනට එරෙහිව සිදුකරමින සිටිති. එසේම අවස්ථා ගණණාවකදී අපරාධ පරීක්ෂණ දේපාර්තුමේන්තුවට සහ ඊනියා ත්‍රස්ථ විමර්ෂණ ඒකකය කැදවීම තුළ රජයේ අවශ්‍යතාවය පැහිදිලි බව උතුරේ ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
සටහන: වසන්ත බංඩාර