සාමාන්‍ය

අපේ උපන්බිම් බෞද්ධයන්ගේ නිජබිම බවට පෙන්වීමට රජය උත්සහදරමින් සිටියි – යෝගේශ්වරන්

තම අභිමතය පරිදි කටයුතු කිරීම සඳහා රජය බලය අනිසි ලෙස යොදා ගනිමින් සිටින බවත්, එම බලය ප්‍රයෝජනයට ගෙන දෙමළ ජනතාවගේ පාරම්පරික වාසස්ථාන බෞද්ධයින්ගේ වාසස්ථාන ලෙස පෙන්වීමට උත්සාහ කරමින් සිටින බවත් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේශ්වරන් මහතා ප්‍රකාශ කරයි.

මඩකලපුව මාමාගම් රත්නම් ක්‍රීඩා සංගමයේ වාර්ෂික ක්‍රීඩා වැඩසටහන එම සංගමේ සභාපති වන වී. සුවේන්ද්‍ර කුමාර්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවී සිදුකළ කතාවේදී යෝගේස්වරන් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ :

සාමාන්‍ය ජනතාවගේ ඉඩම් හමුදාව විසින් ක්‍රමයෙන් ආක්‍රමණය කරමින් සිටියි. එපමණක් නොව, විදුලි බිල වැඩි කළ මෙම රජය මෙරටේ සියළුම ජනතාව ආර්ථික වශයෙන් පීඩා විඳින තත්වයකට පත් කර ඇත. බඩු භාණ්ඩ වල මිල වැඩි කිරීම, විදුලි බිල වැඩි කිරීම, ගෑස් මිල වැඩි කිරීම මගින් මෙරටේ සියළුම ජනතාව අපහසුතාවයට පත් කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කය දිළිදු භාවයෙන් පෙළෙන ජනතාව ජීවත් වන ප්‍රධාන නගරයකි. එපමණක් නොව මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව තුල මත්පැන් භාවිතයේ ප්‍රවණතාවය වර්ධනයවීමක් දක්නට ලැබේ. ඒ අනුව මෙම දිස්ත්‍රික්කයේ ජනතාව එම තත්වයෙන් මුදවා ගැනීමේ අවශ්‍යතාවයක් මතුවී ඇත. මෙම රජය අපව මෝඩයින් බවට පත් කර උතුරු නැගෙනහිර පලාත් වල ජීවත් වන දෙමළ අනුපාතය අවම කිරීම සඳහා හමුදාව යොදා ගනිමින් එම පලාත් වල සිංහලයින් පදිංචි කරමින් සිටියි.

එසේ කිරීමෙන් එම පලාත් වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, පලාත් සභා මන්ත්‍රීවරයෙකු, මහ නගර සභා මන්ත්‍රිවරයෙකු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු සිංහල අයවළුන්ගෙන් තෝරාපත් කර ගත හැක. මෙතෙක් කාලයක් මෙම පලාත් තුල සිංහල නියෝජනයක් සිදු වී නොමැත.

මෑතකදි හමුදා නිලධාරින් සහ ඉඩම් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් ඒකාබද්ධවී හමුදාවේ අවශ්‍යතාවයන් සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ස්ථාන 12 ක් වෙන්කරගෙන ඇත. ඔවුන්ට අවශ්‍ය නම් තවත් ඉඩම් ආක්‍රමණය කරනු ඇත. ඉඩම් ආක්‍රමණය කිරිමේ කටයුතු සඳහා නිළධාරියෙකු පත් කර ඇත. ඔවුන්ට අවශ්‍ය නම් පුද්ගලිකවද ඉඩම් වෙන් කර ගනු ඇත.
එම නිසා අප නිහඬව නොසිටිය යුතුය. අප මෙම රජයට යටත් නොවන්නෙමු. අපගේ ජනතාවට නිසි අයිතීන් ලබාදිම සඳහා අපගේ ජාතියේ විමුක්තිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බව යෝගේෂ්වරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

මෙම වැඩ සටහනට නැගෙනහිර පලාත් සභා මන්ත්‍රි ආර් තුරෙයිරත්නම්, මහනගරසභාවේ හිටපු මන්ත්‍රී කේ. තවරාසා, සුරාබදු දෙපාර්තුමේන්තුවේ හිටපු නිළධාරි එස්. සෝමසුන්දරම්, මාමාගම් රත්නම් ක්‍රිඩා සංගමයේ ලේකම් එස්. ජෙයලවන් හා එම සංගමයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සභාගිවී ඇත.

උපුටාගැනීම :  GTN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *