පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවට සහභාගිවීම සම්බන්‍ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව බ්‍රතාන්‍යාව පවසයි.
කුමන ආකාරයකින් නියෝජනය කරන්නේද? සැසිවාරයට යවන්නේ කවුරුන්ද? නැතිනම් සමුළුව වර්ජනය කරන්නේදැයි මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැතැයි බ්‍රතාන්‍යයෙන් වාර්තාවෙයි. පොදුරාජ්‍ය මණ්ඩලයෙහි සම්පූර්ණ කැමැත්තට අනුව තීරණයක් ගන්නා බවට බ්‍රතාන්‍ය විදෙස් කටයුතු අමාත්‍යංශය පවසා තිබේ.
මානව හිමිකම් කටයුතු, සාමය ස්ථාපිත කිරීම, ඇතුළු බොහෝ කරුණු ගැන අවධාරණය කිරීමට මෙම සැසිවාරය හොඳ අවස්ථාවක් වනු ඇතයිද පවසා තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුව හා ශ්‍රී ලංකාව සමඟ පවතින සම්බන්‍ධකමද එක ලෙසින් නොබැලිය යුතුයැයි පවසා තිබේ.