බංගලදේශයෙහි අඟනුවර ඩාකා නුවර සිඳුවූ උද්ඝෝශනයකට එරට පොලිස් නිළධාරීන්ගේ වෙඩිතැබීමෙන් මෙ වන විට 27 දෙනෙකු මියගොස් තිබේ. මෙම ගැටුම්කාරි තත්වයෙන් 60 දෙනෙකු පමණ තුවාලවී තිබේ. පොලීසිය හා විරෝධතාකරුවන් අතර සිඳුවූ ගැටුම්කාරි තත්වයෙන් මෙලෙස එම පිරිස මියගොස් තිබේ.
රටතුල ආගමික ප්‍රතිපත්තියන් ශක්තිමත් කළ යුතුයැයි අවධාරණය කර පැවැති විරෝධතායෙහි මෙලෙස ප්‍රචණ්ඩකාරි තත්වයක් මතුවී තිබේ. එම විරෝධතාකරුවන්ව විසුරුවා හැරීමට පොලීසිය විසින් පහරදීමටද සිඳුවුණි එයින් නොනැවතුණු පොලිස් නිළධාරීන් උද්ඝෝෂකයින් හට දිගට හරහට වෙඩි තබන්නට පටන්ගෙන් තිබේ. එහිදී මෙසේ උද්ඝෝෂකයින් 27 දෙනකු වෙඩිතබා මරාදමා ඇති අතර තුවාල ලැබූවන් හිස් ලූ අත දුවගොස් ඇති බවත් තවමත් තැනින් තැණ වෙඩි හඬ ඇසෙන බවත් විදෙස් වාර්තාකරුවන් සඳහන් කරමින් සිටී.
දාදහසකට වැඩි පිරිසක් එම විරෝධතාවයට රැස්වූ අතර, එම පිරිස වාහන හා ව්‍යාපාරික ස්ථානවලටද ගිනි තබා තිබේ. ඩාකා නුවර එකම යුධ පිටියක් බවට පත්කිරීමට සමත් වූ මෙම සුදුවීම ජාත්‍යන්තරයේ දැඩි කතාබහකට ලක්වෙමින් තිබේ.
සටහන: ඩෙස්කා කුඩාවිල