අපරාධසාමාන්‍ය

හමුදාවේ ඉඩම් ​කොල්ලයට එරෙහි නිසා ශ්‍රීධරන් ත්‍රස්ථ විමර්ෂණයට කැඳවයි

යාපනයේ වලිකාමන් උතුර,දකුණ සහ ඊසාන යන ප්‍රදේශයන්ගේ පාරම්පරික දෙමළ ජනයාට අයත් ඉඩම් හමුදාව විසින් ස්ථීර ලෙස අත්පත් කරගැනීමට විරුද්ධව දෙමළ දේශපාලඥයන් විසින් ජනයා මෙහෙයවමින් සිටින අවස්ථාවක, හමුදාවේ ඉඩම් අත්පත් කරගැනීමට විරුද්ධව මාධ්‍යවෙත අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව කියමින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සෘජු නි​යෝග මත ක්‍රියාත්මක වෙමින් සිටින  ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් හට කොළඹ ත්‍රස්ථවිමර්ෂණ මූලස්ථානයට එන ලෙස දන්වා ඇති බව වාර්තා වෙයි.

පසුගිය දෙවැනිදා පස්වරු 3.00 ට පමණ මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් යැයි කියාගත් පිරිසක් විසින් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්ණ කිරීමට අවශ්‍යය බව කියමින් කොළඹ මූලස්ථානයට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ මොහොතේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා නිවසේ සිට නොමැති අතර ඔහුගේ දුරකථන අංකය ඉල්ලා ගත් එම පිරිස් මන්ත්‍රීවරයා අමතා පවසා ඇත්තේ හමුදාව විසින් අත්පත්කරගෙන සිටින ඉඩම් සම්බන්ධය සිදුකළ ප්‍රකාශක් සම්බන්ධව ප්‍රශ්ණ කිරීමට අවශ්‍ය බවයි.

නමුත් ​ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන් එම මොහොතේ රාජකාරීකටයුත්තක නිරතව සිටින බැවින් එදින පැමිණිය නොහැකි බවත එළබෙන 8 වැනිදා පාර්ලිමේන්තු දිනයක් බවත් එදිනට තමා කොළඹට පැමිණෙන බවයි.

මීට පෙර තුන් වතාවක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සහ තස්ථ විමර්ශණ ඒකකය විසින් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කොළඹට කැඳවූ අතර මෙම අවස්ථාව සිව්වැනි අවස්ථාව වෙයි.

 හමුදා බුද්ධි අංශ සහ ත්‍රස්ථ විමර්ෂණය ඒකකය යොදාගනිමින් ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට එරෙහිව ආරක්ෂක අමාතංශ ලේකම් ගොඨාභය රාජපක්ෂ විසින් විවිධ ක්‍රියාවන් සිදුකරමින් සිටින අතර පසුගිය මාර්තු 31 වැනිදා කිලිනොච්චියේ පිහිටි ඔහුගේ කාර්යාලයට හමුදා බුද්ධි අංශයට සම්බන්ධ පරිසක් ලබා පහර දීමක්ද සිදුකළහ.

එසේම මේ වසරේ ජනවාරි 12 වැනිදා ඔහුගේ කාර්යාලයට හදිසියේ කඩාවැදුනු ත්‍රස්ථ විමර්ෂණ ඒකක එම කාර්යාලයේ තිබී පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවට නාටකයක් රගදැක්වූහ.

සටහන: ඩෙස්කා කුඩාවිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *