රාජපක්ෂ රජය විසින් මන්නාරම් දිස්ත්‍රික්කය තුළ අලුතින් සිංහල පවුල් 5000 පදිංචි කිරීමට සූදානම් වන බවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ නායක සෙල්වම් අඩික්කලනාදන් මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් චෝදනා කර සිටී.
මාන්දයි බටහිර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ සිංහල පවුල් 1500 ක්ද මඩු ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුළ තවත් පවුල් 100 ක්ද මුසලි ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුළ තවත් පවුල් 1500 ක් ඇතුලුව සිංහල පවුල් 5000 ක් පදිංචි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කොළඹ රජයෙන් මන්නාමර් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නියෝග ලැබී ඇති බව මන්ත්‍රී අඩික්කලනාදන් සිය මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දෙයි.
යුද්ධය හේතුවෙන් අවතැන්භාවයට පත්වූ දහස් ගණනක් දෙමළ සහ මුස්ලිම් ජනයා තවමත් අවතැන් කල්පිටිය, පුත්තලම ප්‍රදේශයේ අවතැන් කඳවුරුවල ජීවත් වන අතර ඔවුන් නැවත පදිංචිකිරීම් නොකර දකුණේ සිටි ගෙන එන සිංහල පවුල් දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම්වල පදිංචිකරමින් සිටිති.
ප්‍රදේශයේ ජන සංයුතිය වෙනස්වන පරිදි මෙම සිංහල ජනාවාස ඉදිකිරමින් සිටින බව එම ප්‍රදේශයෙන් ලැබෙන පුවත් වාර්තා සඳහන් කර සිටිති. මන්නාමර් දිස්ත්‍රික්කයේ බහුතර දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව වාසයක කරන ගම්මාන දෙකට එකිනෙකට වෙන්කරන ලෙස දෙමළ ගම්මාන දෙකක් මැද සිංහල ගම්මානයක් ලෙසින් නව සිංහල ජනාවාස ඉදිකරමින් සිටිති.
මෙම සිංහල ජනාවාස ඇතිකිරිම පිටුපස ක්‍රියාවලියේ රාජපක්ෂ රජයේ අමාත්‍යවරයෙකු වන රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයා සිටින බවට සෙල්වම් අඩික්කලනාදන් මන්ත්‍රීවරයා චෝදනා කර සිටිති.
එක් පසෙකින් ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනයා ගේ පාම්පරික ඉඩම් මත සිංහල කොළනි නිර්මාණය කරමින් සිටින අතර අනෙක් පසින් දෙමළ ජනයාගේ ඉඩම් ශ්‍රී ලංකා හමුදා විසින් බලහත්කාරයන් අත්පත් කරගෙන ඇත. 2007 වර්ෂයේ සිටි ශ්‍රී ලංකා හමුදා විසින් මුල්ලිකුලම් වසර 5 ක් තිස්සේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන වයඹදිග නාවුක හමුදා මුලස්ථානය නම් සම්පූර්ණ ගම්මානය අයත්වන පරිදි නාවුක හමුදා කඳවුරක් ඉදිකර ඇත. විල්පත්තුව අභය භූමිය හරහා දිවෙන ඒ-32 ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ මුල්ලිකුලම් ගම්මානය අභියසිනි. මෙම ගම්මානයේ වැසියන්ගේ ප්‍රධාන ජීවිකාව වූයේ ගොවිතැන සහ ධීවර කර්මාන්තයයි. කුඹුරු ඉඩම් අක්කර 1200 ක වැසි ජලයෙන් පෝෂණය වන වැව් 05 ක් එක් ජලාශයක්ද ගම සතුවිය.
නමුත් තම ගම්මානය හමුදා විසින් එසේ අත්පත් කරගැනීමෙන් පවුල් 432 කට අධික පිරිසක් පුත්තලම සහ කල්පිටිය ප්‍රදේශයන් හී අවතැන්ව වාසය කරති.
2012 ජුනි මස 15 පවුල් 212 ක් තමන්ට තමන්ගේ පාරම්පරික භූමිය නැවත බලාදෙන ලෙස ඉල්ලමින් මුල්ලිකුලම් ගම්මානය අසන්නයේ මරිච්චිකට්ටු කැලෑබඳ ප්‍රදේශයේ පදිංචිවූහ. තමන් විසින් ගොඩ නැගූ නිවාස ඇතුල් සියල්ල නාවුක හමුදාව විසින් පාවිච්චි කරනු දැක දැක කැලෑව තුල ඉදිකරන ලද කූඩාරම් නිවාසයන්ට වී ඉතා දුෂ්කර දිවියක් ගතකිරීමට සිදුව ඇති එම ජනයා මේ වන විට පානීය ජලය සොයගැනීමේ දැඩි ගැටලුවකට මුහුණ දී සිටිති.
උපුටාගැනීම : වන්නිපෝස්ට්