Skip to content
ජනරළ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ජී. ඩී. එල්. ප්‍රියදර්ශන මහතා පැහැර ගෙන යාමට පසුගිය 30 වැනිදා රාත්‍රී දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ. එම අහඹු අත්දැකීමට මුහුණ පෑ ප්‍රියදර්ශන මහතා අප සමඟ අදහස් දක්වමින්
”රෑ 10ට විතර ඒකල දී යන්න බස් එකක් නැතිව හිටියා. ඒ වෙලාවේ බයික් එකක් ඇවිත් කොටුගොඩට එක්කරගෙන යන්න පුළුවන් කිව්වා. ඒ යන අතරේ විස්තර කතා කළා. ඔහු කිව්වා ඔහු පොලිසියේ, දැනුත් ඩියුටි පිට ඉන්නේ කියලා. ඉනේ තිබුණු පිස්තෝලයක් පෙන්නුවා. මගේ හැඳුනුම් පත බලන්න අවශ්‍යයි කිව්වා. මම පෙන්නුවේ නෑ. දුරකතන අංකය ඉල්ලුවා. මම දුන්නේ නෑ. ඊට පස්සේ මාව ගුරුගේවත්ත හන්දිය දක්වා රැගෙන ගියා. එතැනදී කිව්වා තමන් තනියම නොවෙයි ඇවිත් ඉන්නේ කියලා. බයික් එක නතර කරන වෙලාවේ මම දැක්කා ලයිට් නිවා ගත්තු සුදු වෑන් එකක් බයික් එක තියෙන පැත්තට එනවා. ඒ වෙලාවේ මම බයික් එකෙන් පැනලා එතන තිබුණු අතුරු පාරක් දිගේ දිව්වා.”
යනුවෙන් ප්‍රකාශ කළා. ජනරළ පුවත්පත මැතකාලයේ රාජපක්ෂ ආණ්ඩුවේ බොහෝ වංචා දූෂන හෙළිකරමින්, ජාතිවාදය අවුස්සමින් රටම අඳුරට ඇද දමින් යන ප්‍රජාතන්ත්‍රවාදී නොවන මිලිටරි පාලනය දැඩිව විවේචය කළ පුවත්පතක්. එවන් ක්‍රියා කෙසේහෝ වැලැක්වීමේ අරමුණෙන් ජනමාධ්‍යවේදීන් නිහඬකිරීමේ වැඩපිළිවෙලක නිරත්වීමේ සුපුරුදු ක්‍රියාවලියක නිරත වන බව මෙයින් මොනවට පැහැදිළිවෙයි.
ඊනියා බුද්ධි අංශයේ යැයි කියාගන්නා අපේ බදුමුදලෙන් බඩ වියත රැකගන්නා මේ නිළධාරීන් හට අණදෙන ඝෝඨාභය රාජපක්ෂ තම පවුලේ දූෂන හා අක්‍රමිකතා දිගින් දිගට හෙළි කරමින් නිවැරදි හා නිර්භීත මාධ්යකරණයක නිරතවන චන්දන සිරිමල්වත්ත, ජී. ඩී. එල්. ප්‍රියදර්ශන ඇතුළු මාධ්ය්‍ය සගයනින්හට දිගින් දිගටම සිදුකරණ ආණ්ඩුවේ මිටිටරි ජුන්ඨාවට අපගේ පිළිකුල් සහගත විරෝධය පළකරමු.
සටහන: වසන්ත බංඩාර