“ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන අරුන්දික ප්‍රනාන්දු කියන පරිද්දෙන් ප්‍රගීත් ,බොහො සුවපහසුවෙන්, ආරක්ෂිතව ප්‍රංශයේ සිටිනවා නම් මට ඔහු නිශ්චිතව ප්‍රංශයේ සිටින්නේ කොහිදැයි කියන්න ” රාජපක්ෂ ජුන්ටාව විසින් අතුරුදහන් කළ ප්‍රවීන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගේ බිරිද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ප්‍රශ්න කරයි.
ප්‍රගීත් සොයාගැනීමට හැකි සෑම සහයක්ම ආණ්ඩුවට දීමට තමන් සුදානම් බවද ඇය අවධාරණයකර කරයි.
“වරෙක හිටපු නීතිපති මොහාන් පිරිස් කිව්වා ප්‍රගීත් විදෙස් රටක ඉන්නවා කියලා. ඊට පසු ඔහුම අධිකරණය හමුවේ කීවා ප්‍රගීත් ඉන්න තැන දන්නේ දෙයියෝ තමයි කියලා. දැන් අරුන්දිත මන්ත්‍රීවරයා ආණ්ඩුව වෙනුවෙන් කියනවා ප්‍රගීත් ප්‍රංශයේ ඉන්නවා ය කියා. ඔහු සිටින තැන අරුන්දිත දන්නවාදැයි මා දන්නේ නැහැ. එහෙත් ඔහු පාර්ලිමේන්තුවේදී කිව්වේ ප්‍රගීත් ගේ බිරිද හා ප්‍රංශයේ ජනතාව මේ ගැන දන්නවා කියලයි. මා කියන්නේ ප්රගිත්ගේ බිරිඳ ලෙස ඔහු සිටින්නේ කොහිද කියා මා දන්නේ නැති බවයි ” සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසන්නීය.
අරුන්දිත ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතාගෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ අරුන්දිත විසින් ප්‍රගීත් ගැන කල ප්‍රකාශය සම්බන්දව ඉතාම සතුටු වන බවයි.
“මේතාක් අපේ හිසමත තිබු විශාල බරක්, ආණ්ඩුවේ ප්‍රධාන පෙලේ දේශපාලනඥයකු ලෙස හා රට පාලනය කරන ප්‍රධාන පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස, අරුන්දිත බිමින් තිබ්බා. එ ගැන අප ඉතාම සන්තෝෂයට පත්වෙනවා. ඔහු ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන පාර්ලිමේන්තුවේදී මේ ප්‍රකාශය කළේ. මෙතනින් එහාට ආණ්ඩුවටත්, මේ රටේ ආරක්ෂක අංශවලටත් ප්‍රගීත් ගේ අතුරුදන්වීම සම්බන්දව වගකීමෙන් කර අරින්න බැහැ.
ඉදිරි සතිය තුල ප්‍රගීත් සිටින නිශ්චිත තැන ජනතාව හමුවේ හෙළිකිරීමේ අත්නොහැරිය හැකි වගකීමක් දැන් ආණ්ඩුව හමුවේ සහ අරුන්දිත මන්ත්‍රීවරයා හමුවේ තිබෙනවා. එය එසේ කිරීම නොහැකි වුවහොත් ඊට එරෙහිව, පාර්ලිමේන්තුව නොමග යැවීමට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ගරු කතානයකතුමාට තිබෙනවා. අපත් කියන්නේ හරි! දැන් ප්‍රගීත් ප්‍රංශයේ ඉන්න නිශ්චිත තැන රටට, ජනතාවට, පාර්ලිමේන්තුවට හෙළි කරන්න.” සුනිල් ජයසේකර මහතා පැවසිය.
2010 ජනාධිපතිවරණයට දෙදිනකට පෙර , 2010 ජනවාරි 24 දා ප්‍රගීත් අතුරුදන් කෙරිණි.
මූලාශ්‍රය : theindependent.lk