අපරාධඋපුටාගැනීම්සාමාන්‍ය

ආණ්ඩුවේ කුලී මැරයෝ යළිත් ජනරළ කර්තෘ පසුපස පන්නයි

ජනරළ පුවත් පතේ ප්‍රවෘත්ති කතෘ ජී. ඩී. එල්. ප්‍රියදර්ශන මහතා පසුපස සුදු වැන් රථයකින් හා යතුරු පැදියකින් ඊයේ ( 7 ) පැමිණි නාදුනන පිරිසක් ලුහු බැඳ තිබේ. අද සවස සිය පුවත් පතෙහි වැඩ නිමකර නිවස බලා යෑමේදී මේ සිදුව තිබේ. වත්තල නගරය ආසන්නයේදි ප්‍රියදර්ශන මහතා සුදු වෑන් කල්ලිය මඟ හැර ආරක්ෂාකාරී ස්ථානයකට යාමට සමත්ව තිබේ.

මේ වන විටත් සුදුවැන් කල්ලිය වත්තල නගරය ආසන්නයේ ඔහුව ලුහුබඳිමින් සිටින බව බව ඒ මහතා අප සමඟ පැවසීය. පසුගිය මැයි 31 වන දින රාත්‍රියේදී ද ඔහුව පැහැර ගැනීමට උත්සහයක් දරා තිබුණු අතර ඉන් ගැලවී යමට ඔහු සමත් විය. ජනරළ පුවත්පත මැතකාලයේ රාජපක්ෂ ආණ්ඩුවේ  බොහෝ වංචා දූෂන හෙළිකරමින්,  ජාතිවාදය අවුස්සමින් රටම අඳුරට ඇද දමින් යන ප්‍රජාතන්ත්‍රවාදී නොවන මිලිටරි පාලනය දැඩිව විවේචය කළ පුවත්පතක්.

LV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *