අපරාධපුවතකට වැඩි යමක්

යුද්ධයෙන් පසු නැගෙනහිර 300 ක් අතුරුදහන්: පා.ම. සෙල්වරාසා කියයි

යුද්ධයෙන් පසුව නැගෙනහිර පළාතේ දෙමළ තරුණ තරුණයින් 300 දෙනෙකුට අධික පිරිසක් පැහරගෙන ගොස් ඝාතනය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පොන් සෙල්වරාසා ප්‍රකාශ කර සිටී. මන්ත්‍රීවරයා එසේ පවසා සිටියේ මඩකලපුව වයිඑම්සී ශලාවේදී පසුගිය දා පැවති උගත් පාඩම් හා ප්‍රති සන්ධාන කොමිසම් වාර්තිවේ නිර්දේශයන් පිළිබද සංවාදයකදීය.

මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පැහැරගත් සහ ඝාතනයට ලක්වූවන්ගේ නාම ලේඛණයේ ඇතුලත් කරුණු පොලීසියටද බාරදුන් අතර කවුරුන් විසින් ඔවුන්ව පැහැරගත්තේද? ඝාතනය කළේද? යන විස්තරද එහිම එහි සඳහන් කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.නමුත් මේ වන තෙක් ඒ පිළිබඳව කිසිඳු පියවරක් ගෙන නොමැති බවට මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේය.

උගත් පාඩම් සහ ප්‍රතිංසන්ධාන වාර්තාවේ නිර්දේශයන් සමහරක් දැඩිව විවේචනය කර සිටි මන්ත්‍රීවරය පවසා සිටියේ 9:8 වගන්තීන් ඇතුළත් කර ඇත්තේ හමුදාව බේරාගැනීමේ අරමුණනින් බවත් ප්‍රකාශ කර සිටියේය.

” දෙමළ තරුණයින් විශාල පිරිසක් ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ සිරගත කර තවමත් නිදහස් නොකර සිටියි. මේ පිළිබඳ සඳහන් කර තිබූ උගත් පාඩම් හා ප්‍රථිසංධාන කොමිසම් වාර්ථාවේ නිර්දේශයන්ට කුමක් සිදුවුයේද යන්න මා විමසීමට කැමැතියි” යනුවෙන් ඇතැම් කරුණ පිළිබද ඔහු ප්‍රශ්ණ කර සිටියේය.

සාම්පුර් ජනතාව තවමත් කිලිවෙඩ්ඩිහි පිහිටි සරණාගත කඳවුරේ දුක්ඛිත ජීවිතයක් ගත කරමින් සිටිති. ඔවුන්ට යටිතල පහසුකම් කිසිවක් නොමැත. එපමණක් ​පමණක් නොව දෙමළ සහ  මුස්ලිම් ජනයාගේ පාරම්පරික ප්‍රදේශ තුළ ජන සංයුතිය වෙනස් කිරීමේ අරමුණින් සැලසුම් සහගත ලෙස ​සිංහල ජනයා පදිංචිකර සිංහලකරණයට ලක්කරමින් සිටිති.  අධ්‍යාපනයේ සම අවස්ථා නොමැතිවීම දෙමළ ජනයා සටන් මාර්ග තොරාගැනීමට මුල් වූ එක් ප්‍රධාන හේතුවක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන වාර්තාවෙ නිර්දේශයන් ගෙන් අධ්‍යාපනයේ සම අයිතිය සම්බන්ධයෙන් නිර්දේශන් තිබුණද ඒවා කිසිවක් ක්‍රියාත්මක කර නොමැති බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *