මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් පැහැරගත් පුද්ගලයන් නැවත දුටුවොත් තමන්ට හඳුනා ගත හැකි බව ත්‍රී රෝද රථ රියදුරෙක් කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කරයි. ශිවරාම් ඝාතන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පාමංකඩ ප්‍රදේශයේ පදංචි රන්ජිත් ප්‍රියන්ත නමැති ත්‍රී රෝද රියදුරු සාක්ෂි දෙමින් එසේ ප්‍රකාශ කළේය.
සාක්ෂිකරු අධිකරණ හමුවේ කියා සිටියේ 2005 වසරේ අප්‍රේල් මස 27 වැනිදා රාත්‍රී 10 ට පමණ තමාට ඇමතුමක් ලැබෙන තුරු බම්බලපිටිය පොලීසිය අසල පිහිටි අවන්හල ඉදිරි පිට රැදී සිටි බවයි. මේ අවස්ථාවේදී අවන්හල තුල සිට, තවත් පිරිසක් සමග ඉදිරියට පැමිණි සිවරාම් මාධ්‍යවේදියා, ප්‍රාඩෝ ජීප් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් බලහත්කාරයෙන් ජීප් රථයට දමා ගත් බවයි ඔහු පැවසුවේ. එම පුද්ගලයන්ගේ මුහුණු, විදුලි ආලෝකය මධ්‍යයේ තමන් හොදින් හඳුනා ගත් බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියේය.
සටහන: වසන්ත බංඩාර