මෑතකදී නැවත පදිංචිවීම සදහා මුදාහැරි යාපනය වඩමාරච්චි, පල්ලපායි ප්‍රදේශයේ ජනයාට ශ්‍රී ලංකා හමුදාව විසින් නියෝගකර ඇත්තේ එම ප්රදේශයන්ගේ ළිදවල් පිළිසකර කිරීම හෝ නැවත හැරීම නොකරන ලෙසයි. වසර 14 ක් තිස්සේ එනම් 1999 සිට ශ්‍රී ලංකා හමුදාව එම ප්‍රදේශය අත්පත් කරගෙන සිටින අතර නිවාස 52ක් යටත්වන පරිදි ප්‍රදේශයේ ප්‍රධාන කදවුර වන ශ්‍රී ලංකා හමුදාවේ 524 සේනාංකය රැදීසිටි කදවුර පල්ලපායි ප්‍රදේශයේ පිහිටා තිබුණි. එම ප්‍රදේශයේ නැවත පදිංචිවූ ජනයා තමන්ගේ ඉඩම් වල පිහිටි ළිදවල් නැවත පිරිසකර කිරීමේදී පුද්ගලයන් 16-18 අතර ප්රමාණයකගේ ඇට කැබලි හමුවී ඇති අතර එහි පැමිණි ශ්‍රී ලංකා හමුදාවේ පිරිස් ජනයාට තර්ජනය කර ඇත්තේ ඒ පිළිබද මාධ්‍යවෙත හෝ මානව හිමිකම් සංවිධාන කිසිවක් අනාවරණය නොකරන ලෙසයි. ශ්‍රී ලංකා හමුදාව විසින් දැමූ පුද්ගලයන් 100කගේ පමණ ඇටකැබලි මෙම ළිංතුළ වන බව ගම්වැසියෝ පවසා සිටිති.
මේ අතර කොළඹ මාධ්‍ය මූලාශයක් වෙත ශ්‍රී ලංකා හමුදාවේ අණදෙන නිළධාරියෙකු ස්ථීර කර ඇත්තේ, 2007 වසරේ සිට අතුරුදහන් වී සිටින ජනමාධ්‍යවේදී සුබ්‍රමණියම් රාමචන්ද්‍රන් ඝාතනය කර ශ්‍රී ලංකා හමුදාවේ 524 වැනි සේනාංකයේ කදවුර තුළ වූ අතහැර දමන ලද පොදු ලිදකට දැමූ බවයි. 90 වැනි සහ 87 වැනි වියේ පසුවන රාමචන්ද්‍රන්ගේ මහලු දෙමාපියන් තමන්ගේ එකම දරුවාට කුමක් වූයේද සොයා ගැනීමට වසර ගණනක් තිස්සේ අරගල කරනු ලැබීය.
1996 සහ 2000 කාලසීමාව අතරතුර තරුණයන් 2000 කට අධික පිරිසක් යාපනයේ පමණක් අතුරුදහන් වූ විය. 1996යේදී ශ්‍රී ලංකා හමුදාව විසින් යාපනය පුරා හමුදා කදවුර පිහිටවූ අතර වඩමාරච්චි ප්‍රදේශයේද හමුදා කදවුරු ගණනාවක් පිහිටවීය. එහි ප්‍රධාන කදවුර වූ ශ්‍රී ලංකා හමුදාවේ 524 වැනි සේනාංකයේ කදවුර පේදුරු තුඩුව වරාය තුළ පිහිටුවීය.
කෙසේ නමුත් දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නාවුක ඒකකය ඉතා බලවත් වීම නිසා 1999 වසරේදී එම කදවුර වෙරළේ සිට කිලෝමීටර් 2ක් රටතුළට ගෙනවිත් පල්ලපායි හී පේදුරුතුඩුව-යාපනය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිට වීය. මෑතකදී එම හමුදා කදවුර නැවත වතාවක් වෙනත් ස්ථානයකට ගෙනයාම හේතුවෙන් එම ඉඩම් අයිති මුල් අයිතිකරුවන්ට තම ඉඩම්වල පදිංචිවීමේ අවස්ථාව හිමිවිය. ප්‍රදේශයේ පිහිටා තිබූ පොදු සහ පෞද්ගලික ළිං බොහෝමයක් හමුදාව විසින් කඩාබිද දමා එම කැබලි ළිං තුළටම දමා ඇත.
>>>>> TN >>>>>>