අපරාධ

සිසු ඝාතනයට පොලිසියේ 13 ක් ඇතුලට

වසර 7කට ඉහතදී (2006.ජනවාරි 2) ත්‍රිකුණාමල ගාන්ධි ප්‍රතිමාව ආසන්නයේදී දෙමළ සිසුන් හයදෙනෙකු මරා දැමූ බව කියන සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු තවත් පොලිස් නිළධාරීන් 12 දෙනෙකු ඊයේ(4) සී.අයි.ඩී.ය මගින් අත් අඩංගුවට ගෙන ත්‍රි.මලේ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 කට රක්ෂිත බන්ධනාගාරගත කොට ඇතැයි වාර්තා වේ.

වසර 7 කට ඉහතදී වධ හිංසා ලැබ මරණයට පත් වූ සිසුවන් සය දෙනාම එවකට 21 වන වියේ පසුවුවන් වන අතර ඉංජිනේරු ශිෂ්‍යයෙකු වූ තංගතුරෛ සිවන්තන් එවකට පළමුවසර විශ්ව විද්‍යාල සිසුවෙකු විය. විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා සිටි අනෙක් පස්දෙනා වූයේ එල්.රොහාන්ත, සම්මුගරාජා, සජින්තරන්, මනෝහරන් රාජ් සහ යෝගරාජන් හේමචන්ද්‍රන් යන අයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *