අපරාධසාමාන්‍ය

අන්තරේ කැඳවුකාර හිමි අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බළමණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියන් අද දින සවස මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කර ඇත.

මිරිහානපොලීසිය විසින් භික්ෂු බළමණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියන් හට පසුගිය වර්ශයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ විරුසිසු ප්‍රතිමාවට නාදුන පිරිසක් විසින් එල්ලකළ බොම්බ ප්‍රහාරය පිළිබ්‍ඳව කටඋත්තරයක් ලබාගැනීමට අවශ්‍ය බැවින් මිරිහාන පොලීසියට පැමිණෙන ලෙස කල දැනුන්දීමෙන් පසු කටඋත්තරය ලබාදීමට මිරිහානපොලීසියට පැමිණි හිමියන් හට පසුගිය වර්ශයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ විරුසිසු ප්‍රතිමාවට නාදුන පිරිසක් විසින් එල්ලකළ බොම්බ ප්‍රහාරය පිළිබ්‍ඳව විභාගවන නඩුවෙහි වරෙන්තුකරුවෙක් බව පවසමින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබේ.

තවත් සිසුන් 07 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පවසා ඇත.

මේ පිළිබඳව අන්තර් විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු නජිත් ඉන්දික මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසූවේ මේ ආකාරයෙන් ශිෂ්‍ය නායකයින් අත්අඩංගුවට ගෙන සිසුන් මර්දනය කරමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු සමස්ථ අධ්‍යාපනයම පුද්ගලීකරණය කිරීමේ උත්සාහයක ආණ්ඩුව නියැලෙන බවත් එම උත්සාහය කිසිසේත් සාර්ථක කර ගැනීමට අවස්ථාව ලබා නොදෙන බවයි. හෙට දිනයේ මෙම නීතිවිරෝධී ආකාරයෙන් සිසු නායකයින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව දිවයිනේ  සියළුම විශ්වවිද්‍යාල වල උද්ඝෝෂණ ව්‍යාපාරයන් පැවැත්වෙන බව වැඩිදුරටත් පැවසීය.

මේ අතර ​ප්‍රධාන ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පසුපස ආණ්ඩුවේ ආරක්ෂක අංශයන්ගේ ඔත්තුකරුවන් එමින් පවතින බවත් ඔවුන්ගේ ජීවිත අනතුරක බවත අප සමග අදහස් දැක්වූ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු පැවසීය.

ප්‍රධාන ශිෂ්‍ය නායකයන්ගේ ලැයිස්තුවක් සකසා ඇති ඔවුන් විවිධ පුද්ගලයන් හරහා ශිෂ්‍ය නායකයන් වෙත බලපෑම කරමින් සිටින බවත් අප වෙත වාර්තා වෙයි.

සටහන: වසන්ත බංඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *