කිලිනොච්චියේදී එකම දිනක දෙදෙනෙකු ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමේ සිද්ධිය ජනතාව අතර දැඩි කම්පනයක් ඇතිකර තිබේ. මෑතකදී පාසල් ගුරුවරයකු ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක්ද වාර්තාවේ. අනතුරුව ඊයේ දින මෙම සියදිවි හානිකර ගැනීමේ සිද්ධියන් දෙක වාර්තාවේ.
කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයෙහි විසූ පුද්ගලයකු ණය ප්‍රශ්ණ නිසා සියදිවි නසාගෙන තිබේ. තවද උදයනගර් ප්‍රදේශයට අසල පිහිටි ආනන්දපුරම්හි දැඩි ලෙස රෝගාතුරුව සිටි පුද්ගලයකු එය ඉවසා ගැනීමට නොහැකිව සියදිවි නසාගෙන තිබේ.
යුද්දය පසු වන්නියේදී සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබේ. එකදිගට සිඳුවන සියදිවි නසාගැනීමේ සිද්ධියන් නිසා ජනතාව දැඩි කම්පාවට පත්වී සිටිති. බලාපොරොත්තු සුන්වීම හා විවිධ තාඩන පීඩන වලින් මිරිකී සිටින උතුරේ වැසියන් දිනෙන් දිනම ලක්වෙමින් සිටී.