ඉඩමක් විකුණා ගත් රුපියල් එක් කෝටි දසලක්ෂයෙන් රුපියල් ලක්ෂ 5ක් පුතා නොදීම නිසා වේදනාවට පත් පියෙකු සිරුරට ගිනි තබාගෙන තිබේ.
ගාල්ල කොග්ගල කඩේ හන්දියේ ප්රදේශයේ පදිංචි 98 හැවිරිදි පුද්ගලයෙකු එසේ සිරුරට ගිනි තබාගෙන ඇති අතර ඔහු මේවන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
අද පෙරවරු 6.30ට පමණ මෙය සිදුව ඇති බව පොලීසිය කියයි.
උපුටාගැනීම: අද දෙරණ