සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස රොබට් මුගාබේ 7 වන වරටත් තේරී පත්වී තිබේ.
89 හැවිරිදි මුගාබේ සියයට 61ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර ප්‍රතිවාදී අපේක්ෂක අග්‍රාමාත්‍ය මෝර්ගන් ස්වංගිරායි හිමිකරගෙන ඇති ඡන්ද ප්‍රතිශතය වුයේ සියයට 34කි.
මෙවර මැතිවරණය ද වංචනික ලෙස මුගාබේ විසින් ජයගෙන ඇති බව විපක්ෂ විසින් චෝදනා කරයි.
1980 වසරේ සිට සිම්බාබ්වේ රාජ්‍යයේ පාලනය ගෙන යන්නේ රොබට් මුගාබේ විසිනි.