අපරාධපුවතකට වැඩි යමක්සාමාන්‍ය

ග්‍රෑන්ඩ්පා මුස්ස්ලිම් පල්ලියට අන්තවාදී භික්ෂූන්ගෙන් ප්‍රහාරයක්

කොළඹ ග්‍රාන්ඩ්පාස් ස්වර්ණජයන්ති ප්‍රදේශයෙහි පිහිටි මුස්ලිම් මස්ජිදයකට බෞද්ධ භික්‍ෂුන් පිරිසක් කළ මැර ප්‍රහාරයකින් මස්ජිදයට හා අවට පිහිටි නිවාස පහකටද අලාභ හානි සිඳුවී ඇතයි වාර්තාවේ.

සිවිල් වැසියන් පස් දෙනෙකු හා පොලිස් නිළධාරීන් පස් දෙනෙකුද සිද්ධියෙන් තුවාලවී කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතයිද පැවැසේ. අද දින සවස 6.30 පමණ එහි පැමිණි පිරිසක් විසින් මෙම ප්‍රහාරය සිඳුකර තිබෙන අතර මෙම සිද්ධියෙන් ප්‍රදේශය පුරා නොසන්සුන් තත්වයක් හටගෙන තිබෙන අතර හමුදා ආරක්‍ෂාවද යොදවා තිබේ.

ග්‍රාන්ඩ්පාස්, ආමර් වීදිය, කොටහේන, යන ප්‍රදේශවලද හමුදා ආරක්‍ෂාව තරකර තිබේ. මේ අතර මෙම ප්‍රහාරයට හා තමන්ට කිසිම සම්බන්‍ධයක් නොමැතයි බොදු බල සේනාව පවසා තිබේ. නමුත් එම ප්‍රහාරය සිඳුකළ බෞද්ධ හිමිවරුන් බොදු බල සේනාවෙහි හිමිවරුන් බවට ප්‍රදේශවාසීන් පවසා ඇතයි කොළඹ ආරංචි මාර්ග සඳහන් කරයි.
ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර අද පස්වරුවේ ඇති වූ ගැටුමින් පසු ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශයට හෙට පෙරවරු 7.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

මේ හේතුව නිසා ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසීය.

සටහන: සේන හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *