අපරාධපුවතකට වැඩි යමක්

රූකාගේ අනුකම්පාව

මත්තේගොඩ ප්‍රදේශයේ නිවෙසට මීට වසර 13කට පෙර ආයුධ සන්නද්ධව කඩා වැදී, තමන්ට හිරිහැර හා දේපළ හානි කිරීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයෙන් වැරදිකරුවන් වී දඬුවම් ලබන පුද්ගලයින්ට සමාව ලබාදීමට තීරණය කළ බව ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා පවසයි.

තමන්ට හිරිහැර කිරීමට නියෝගය ලබාදුන් පුද්ගලයින් මේ වන විට නිදහසේ සිටින බවද අද(13) මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා කියා සිටියේය.

කෙසේ හෝ මෙම සිද්ධියට අධිකරණයෙන් වැරදිකරුවන් වූ එම පුද්ගලයින්ට තමන් සමාව දෙන්නේ තමාගේ හෘද සාක්ෂියට එකගව බවත්, මිනිසුන් අතින් වැරදි සිදුවන බවත් ඊට වඩා යමක් තමන්ට කළ නොහැකි බවත් ඒ මහතා පැවසීය.

එසේම මෙම වැරදකරුවන් අතරේ අවශ්‍ය කරන පුද්ගලයින් නොමැති බවත්, ඔවුන්ට සමාව දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කරන බවත් රූකාන්ත ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

මත්තේගොඩ පිහිටි රූකාන්ත ගුණතිලක මහතාගේ නිවසට පැමිණ හිරිහැර සහ දේපළ හානි කිරීමේ චෝදනාව මත හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට පානදුර මහාධිකරණය විසින් පසුගිය ද දඬුවම් නියම කර තිබුණි

අප දන්නා තරමින් චන්ද්‍රිකාගේ ඊනියා ජනාධිපති ආරක්ෂකයින් ලෙස කටයුතු කළ බැද්දගානේ සංජීව ඇතුළු පාතලයේ චන්ඩීන්ගේ අණ ක්‍රියාත්මක කිරීමේ වරදට මෙම නිළධාරීන්ට දඬුවම් හිමිවී ඇත. එහෙත් ඊට අණදුන් චන්ද්‍රිකා හෝ සැබෑ මැරයන්හට කිසිඳු දඬුවමක් නොලැබෙන හෙයින් රූකා හා ලේඛා මෙම තීරණයට එලැඹෙන්නට ඇතැයි අපගේ විශ්වාසයයි.

සටහන: වසන්ත බංඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *