බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තබේ.
ඒ අනුව ඔවුන් අගොස්තු මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්.සහබ්දීන් මහතා නියෝග කර ඇත.
අදාළ සැකකරුවන් පිරිස අද(14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේය. වාස් ගුණවර්ධන කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස කලක් කටයුතු කළ අතර ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ රත්නපුර කොට්ඨාස භාරව ද කටයුතු කර ඇත.
මේ වනවිට ආරක්ෂක ලේකම් වරයාගේ යටිබිම්ගත මැර හමුදාවේ පොලීසියේ රාජකාරි කළ ගුණවර්ධන මහතාගේ තොරතුරු බෝහෝමයක් අප සතුව ඇතත් එම තොරතුරු තවමත් අපරාධ පරීක්ෂණ නිළධාරීන්ගේ පරීක්ෂාවට ලක්වෙමින් තිබෙන් නිසා අප පළ කිරීමෙන් වළකිමු. එහෙත් රාජපක්ෂවරුන් හා ගුණවර්ධන වරුන් හැමෝම එකතුවී කළ පැහැරගැනීම් , මරාදැමීම් හා කප්පම්ගැනීම් සියල්ල ඉදිරියෙදී හෙළි විය හැකි බවයි නම සඳහන් කිරීමට අකමැති උසස් පොලිස් නිළධාරියකු අප සමඟ කියා සිටියේ.
සටහන: වසන්ත බංඩාර