LTTE සංවිධානයෙහි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක හිටපු දේශපාලනික අංශභාර ප්‍රධානි එලිලන්ගේ බිරිඳ වන ආනන්දි, එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවෙහි කොමසාරිස් නවනීදම් පිල්ලයිව හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බන උතුරෙන් ලැබෙන ආරන්චි මාර්ග පවසයි.
ලබන 25 වැනි දින නවනීදම් පිල්ලයි මහත්මිය ශ්‍රී ලංකාවෙහි සංචාරය කිරීමට නියමිතය. ඇය ලබන 25වැනි දා සිට 31වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇතයි පැවැසේ. සත්‍ය තත්වය නවනීදම් පිල්ලයිට පැහැදිළි කරදීමට අපේක්ෂා කරන බවද එලිලන්ගේ බිරිඳ ආනන්දි පවසා තිබේ.
යුද්ධයේ අවසන් දින කිහිපයේ සිදුවූ සත්‍ය තොරතුරු එලෙසින්ම හෙලිකිරීමටද, තමන් දුටු දේ පැවසීම තුළින් තම ජනතාවට සාධාරණයක් සිදුවන බවට තමන් ට විශාල බලාපොරොත්තුවක් ඇතැයිද ඇය පවසා තිබේ. මෙවර උතුරු පළාත් සභා මැතිවරණයට ආනන්දි ශෂිධරන් දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් තරඟ කිරීමද විශේෂත්වයකි
වෙල්ල මුල්ලිවායිකාල්වල සිඳුවුයේ කුමක්දැයි තමන් සෘජුව දැක බලාගත් බවත් එම අත්දැකීම බෙදාගැනීමට කැමැත්තෙන් සිටින බවද ඇය වැඩිදුරටත් පවසා තිබේ.