තවත් දින කිහිපයකින් මෙරටට පැමිණීමට නියමිත එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය සමඟ සාකච්ජාවක් පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය ලෙස තම පක්ෂයට මේ වන විටත් අවස්ථාව හිමිව ඇති බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාවන් ගැන මහ කොමසාරිස්වරිය සමග සාකච්ඡා කරන බව හෙතෙම පැවසීය. මේ වන විටත් අවතැන් වී සිටින ජනතාවගේ ගැටළු හා හමුදාව විසින් අත්පත්කරගෙන සිටින ඉඩම් පිළිබඳව විස්තර තම පක්ෂය සතු බවත් ඒ පිළිබඳවත් තමන් සාකච්චාකිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
මහනුවර ප්‍රදේශයේ දී අද පැවති මාධ්‍ය හමුවකදීයි මහලේකම් වරයා මේ බව සඳහන් කර සිටියේ.