කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් ලබන මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබේ.
පසුගිය 05 වැනිදා විභාගයට ගත් මෙම නඩුව අද (19) දිනට කල් දැමීමෙන් පසු මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනිණ.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරුවන්ගේ කරුණු ඇතුළත් වාර්තාවක් නීතිපතිවරයා වෙත යවා ඔහුගේ උපදෙස් ලබා ගැනීමට නියමිත බවයි.
එසේම හසිත මඩවල මහතා ඝාතනයේදී කප්පම් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට සිදුව ඇති බලපෑම් හා අකටයුතුකම් ගැන කරුණු දැක්වීමට අවශ්‍ය බව එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසූ බව අප වාර්තාකරු පැවසීය.
අදාළ කරුණු ලිඛිතව ඉදිරිපත් කරන්නැයි අධිකරණය දැන්වූ බවද හෙතෙම කී අතර වැඩිදුර නඩු විභාගය ඒ අනුව ලබන මස 02 වැනිදාට කල්තැබිණ.
උපුටාගැනීම: අද දෙරණ