ශ්‍රී ලංකා පොලිස් නිල සුනඛ මධ්‍යස්ථානය විසින් පොලිස් සුනඛ විවාහ උත්සවයක් සංවිධානය කර තිබීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.
පසුගියදා මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පොලිස් නිල සුනඛයින් විසි දෙනෙකු වෙනුවෙන් විවාහ උත්සවයක් සංවිධානය කර තිබුණි.
අදාළ ක්‍රියාව මගින් මෙරට පුරාණ සිංහල විවාහ චාරිත්‍ර ක්‍රමවලට අපහාසයක් සිදුකර ඇති බවට සංස්කෘතික අමාත්‍යවරයා ඇතුළු සංවිධාන කිහිපයකින් විවේචන එල්ල වී ඇත.
ඒ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා නියම කර ඇත.
මාතෘකාව අපෙන්, උපුටාගැනීම:අද දෙරණ