ඉකුත් සති අන්තය නපුරු හීනයක් වගෙයි. මාත් මගේ පවුලේ සාමාජිකයිනුත් පසුගිය 24 වැනිදා මුහුණ දුන් ඒ සිද්ධියෙන් දැඩි කම්පනයකට ලක්වූවා සේම, ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබූ කෙබර හේතුවෙන් දැඩි කළ කිරීමටද ලක් විය. මගේ නිවසට ඇතුළුවූවන් ළග තිබී රන් බඩු සොයා ගැනීම සම්බන්ධයෙන් විවිධාකාරයේ මාධ්‍ය වාර්තාද ඒ අතර විය.කෙසේවුවද එසේ සොයාගන්නා ලද භාණ්ඩ මේ වන විට හදුනාගෙන ඇති අතර ඒවා මාධ්‍ය වාර්තාවල තිබූ ප්‍රමාණයට වඩා ඉතා අඩු ප්‍රමාණයකි. පොලිස් හදුනා ගැනීමට අනුව සොයාගන්නා ලද භාණ්ඩ අතර රන් මාල 14ක් ඇති බවට දක්වන ලද කරුණු අසත්‍යය. කෙසේවවුද මා අදාල සිදුවීම මෙසේ ලියා තබමි.
අදාල සිදුවීම කොල්ලකෑමක් ලෙස වාර්තාවුවද එය සිදු වන්නට පෙර සති දෙක තුල සිද්ධීන් කිහිපයක්ම වාර්තා විය. මීට සති දෙකකට පෙර ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියේ ප්‍රධානියා ලෙසද, මාධ්‍යවේදිනියක් ලෙසද මා සිදුකරන ක්‍රියාවන් සම්බන්දයෙන් අයෙකු විසින් අනතුරු හැඟවීමක් සිදු කළා.ඉන් සතියකට පසුව එක්තරා පුවත්පතක තීරු ලිපි සයන්නකු විසින් වාර්තාකර තිබුණේ මා මාධ්‍ය කේෂත්‍රෙය් තිදෙනෙකු හා ජාත්‍යන්තර කටයුතු සම්බන්ධ අය හා නවි පිල්ලේ මහත්මියට ලබාදීමට සැලැසුම්කරන වාර්තාව සම්බන්ධයෙන් කොළඹදී රහසිගත සාකච්ඡාවක් සිදුකර ඇති බවයි.
පසුව ගෙවුණු අගහාරුවාදා (22) බළල් මළකුණක් මගේ නිවස ඉදිරිපිට තිබී හමුවිය. එසේ මගේ ගේ දොරකඩ මැරී සිටි බළල් මළකුණ මට හමුවන විට ඒ සතා මිය යන්නට ඇත්තේ පැය බාගයකට පමණ පෙර යැයි සිතිය හැකිය. පසුගිය සිකුරාදා (23) රත්මලානේ පිහිටි කාර්යාලයෙන් මා වේලපහින් පැමිණියේ නිවසේ සිට ඉතිරිවූ වැඩ කිරීමේ අදිඨනනෙනි. ඒ අතර වාරයේදී මගේ සගයන් විසින් කල්පනාවෙන් සිටින ලෙසද අවදාරණය කළේය. එදින මගේ ස්වාමියා වන රොමේෂ් අබේවික්‍රම ඔහුගේ ව්‍යාපාරික පිටු සැලැසුම් කිරීමෙන් පසුව රාත්‍රී 9.30ට පමණ නිවසන් පිට විය. ඔහු රාත්‍රී 10.30ට පමණ මට දුරකථන ඇමතුමක් ලබාදෙමින් කියා සිටියේ සිය මෝටර් රථය මිදුලේ දමා කුලී රථයකින් යන බවත්ය.ඒ ඔහුගේ මෝටර් රථයේ ටයරයකට හානි කර ඇති නිසා බවද ඔහු කීවේය.
මා ඔහුට ප්‍ර වේසම්වන ලෙස පැවසූ අතර ඔහු පෙරළාමට කියා සිටියේ නිදා ගැනීමට පෙර ගේ හොදට පරික්ෂා කරන ලෙසයි. අලුයම 1.30 ට පමණ මගේ වැඩ කටයුතු අවසන් කර මා නින්දට ගියා.මගේ මනස එක තැනක නොවූ හෙයින් නින්ද ආවේ ටිකක් ප්‍රමාද වෙලයි. එහි ප්‍රතිඵලයක් ලෙස අලුයම 2- 2.30 අතර කාලයේදී මගේ නිදන කාමරය තුළ කිසිවකු සිටින බවක් මට හැගුණි. සාමාන්‍ය යෙන් මා නින්දට යන්නේ විදුලි පහන නොනිවාය.
මා කවුද යැයි කෑ ගැසීය.ඒ ක්ෂණයෙන් ඇස් පමණක් පෙනෙන ලෙස මුහුණු ආවරණය කරගෙන, පිහි අතින්ගෙන සිටි දෙදෙනෙකු මගේ කාමරයට කඩා පැන්නේය. ඉන් එක් අයෙකු මන්නා පිහියක් මගේ ගෙලට තැබූ අතර අනෙක් පුද්ගලයා මගේ පපුවට පිහියක් තැබුවේය. කෑ නොගහසන ලෙසත් එසේ කෑ ගැසුවහොත් මරා දමන බවටත් ඔවුන් මට තර්ජනය කළේය. එක් අයෙකු මගේ ජංගම දුරතථනය ගෙන එහි බැටරිය ගලවා දැමීය. මා කෑ නොගසා සිටීමට පෙරොන්දු වෙමින් ඔවුන්ට අවශ්‍ය මොනවාදැයි අසා සිටියේය.ඔවුන් මාළග ඇති දේවල් ඉල්ලා සිටි අතර මා කියා සිටියේ ඕනෑම දෙයක් රැගෙන යන ලෙසයි. ඔවුන් මා අතේ දමාගෙන සිටි මුදු ඉල්ලා සිටියේය.
මා ඒවා ගලවා ඔවුන්ට දුන් අතර අයෙකු ඇදුම් අල්මාරිවල ඇත්තේ මොනවාදැයි විමසා සිටියේය. ඉන් එක් අල්මාරියක් මගේ බවත්, අනිත් අල්මාරිය මගේ සැමියාගේ බවත් ඔවුන්ට පැවසුවා. එක් අයෙකු මා සතුව ඇති මුදල් කීයක්හරි දෙන ලෙස කියා සිටියා. එවිට මගේ පසුම්බියගෙන එහි තිබූ දාහේ නොට්ටු 3ක් හා තවත් රුපියල් 120ක් ඔවුන් අත තැබුවා.ඔච්චරද තියෙන්නේ යැයි ඔවුන් මගෙන් අසා සිටියා. පසුව ඔවුන් ලියුම් කවරයක තිබූ රුපියල් 5,000 ක මුදලක්ද සොයාගත්තා . (එය මගේ දියණියට ඇගේ මිත්තනිය විසින් උපන්දිනයට ලබාදුන් මුදලක්)
ඔවුන් අතර සිටි එක් අයෙකුගේ ජංගම දුරකථනයක් නාද වූ අතර ඔහු කාමරයේ කෙළවරකට ගොස් ඊට පිළිතුරු ලබා දුන්නා.ඒ අවස්ථාවේදීම එක් අයෙකු අල්මාරියේ ඇති ලාච්චුවල ඇත්තේ මොනවාදැයි වමසා සිටියා.එහි ඇත්තේ ලිපි ගොනු බව මම ඔවුන්ට පැවසුවා.එය විවෘතකරන ලෙස ඔවුන් ඉල්ලා සිටියත් එහි යතුරු මා ළග නැති බවත් එය මගේ සැමියාගේ බවත් මම ඔවුන්ට කිව්වා.මට පිහිය උලුක්කරන් සිටි එක් අයෙක් එවිට මගේ මුහුණට දෙවරක් පහර දුන්නා.පසුව මා කියා සිටියේ ඒවා කඩා විවෘත කරන ලෙසයි. ඔවුන් එය එසේ සිදු කළා.මට පහරදුන් අය පිහිය ගෙන මගේ දකුණු අතට සුලු තුවාලක් සිදු කරා. පසුව මට තුවායක් ගෙන ඔළුව වසාගෙන ඇද උඩින් ඉදගන්නා ලෙස පැවසුවා.පසුව කිසිවකු ඇදට නගින බවක් මට දැනුනා පසුපස හැරී බලද්දී මට පහරදුන් අය පිහියක් උලුක් කරගෙන මගේ පිටුපස ඉන්නවා මම දැකක්කා. මා තුවාය වසිකර දමා මෙතන මොකද වෙන්නේ යැයි ඔවුන්ගෙන් විමසුවා. ඉන් පසුව එසේ පැමිණි සිවුදෙනාගෙන් දෙදෙනෙකු මා සමග කතා කළා. එසේ පැමිණි සිවුදෙනාගෙන් දෙදෙනෙකු තරමක් සමීප වුවත් අනික් දෙදෙනා හැසුරුණේ ඉතා ප්‍රචණ්ඩකාරී ලෙසයි. එම කල්ලියේ දෙදෙනෙකු අල්මාරියේ තිබූ මගේ සැමියාගේ සියලුම ලිපිගොනු එළියට ඇද දැමුවා. පසුව මගේ දෙමවුපියන්ගේ පැත්තේ ඇති දේ ගැනත් ඔවුන් විමසා සිටියා. ඔවුන් ඒ පැත්තට යන්න හදද්දී මම ඔවුන්ට පැවසුවේ මගේ දියණිය හා දෙමාපියන්ට කරදරයක් නොකරන ලෙසයි. පසුව මා එම පිටස්තරයන් හා මගේ දෙමවුපියන් සිටින කොටසට අතුළිවීමට ගියා. ඒ යනවිට මගේ පියාගේ දොර ඉදිරිපිට මේ සිද්ධියට පැමිණි පස්වැනි සාමාජිකයා සිටගෙන සිටිනු මම දැක්කා.මම ඔවුන්ට පෙන්නුවා මගේ අම්මගේ අල්මාරිය.ඒක තිබුණේ මගේ පියාගේ කාමරයේයි. එහි යතුරු ඉල්ලා සිටියත් ඒවා මා ළග නැති බව පවසා. ඒවා කඩා විවෘත කරන ලෙසත් මම ඔවුන්ට දැනුම් දුන්නා. මගේ පියා අවදිවී කෑ ගැසුවහොත් ඔහුට පිහිපහර දෙන බව එහි සිටි එක් අයෙක් මට පැවසුවා.
එවිට මාගේ පියා අවදි වූ අතර එක් අයෙකු ඔහුට පිහියෙන් ඇනීමට උත්සාහ කළා. මා ඒ මැද්දට පැණ එසේ නොකරන්නැයි ඉල්ලා සිටි අතර ඔහු ශබ්ද නොකරන බවත් කියා සිටියා. මේ අතර, මගේ මව ඇගේ කාමරයෙන් එළියට විත් නානකාමරයට යාමට උත්සාහකරනවාත් සමග එහි සිටි අයෙකු ඇය බිත්තියකට හේතුකර පිහියක් බෙල්ලට තැබුවා. පසුව මා ඇයටද කරදර නොකරන ලෙස ඉල්ලා ඇය මගේ පියාගේ ඇද මත වැඩි කෙරෙව්වා.කිසි අයෙකුට කරදර නොකිරීමට මා පසුව ඔවුන් එකගකර ගත්තා. මගේ දස හැවිරිදි දියණිය නිදා සිටි කාමරයටද එසේ පැමිණි එක් අයෙකු සමග ගියා. එවිට ඇය බියවී කෑ ගසාගෙන අවදි වුණා. මම ඇගේ හිස පිරිමද යලි නින්දට යන ලෙසත්, ඇය සමග මා ද සිටින බවත් කියා සිටියා.කුමක් සිදුවන්නේදැයි ඇය මගෙන් අසා සිටියා. මම ගේ පරික්ෂාකරන බව ඇයට දැන්නුවා.ඇයට ඇගේ මිත්තනිය සිටින තැන දැන ගැනීමටත් ඒ අවස්තාවේ අවශය වුණා.
පසුව මම ඔවුන්ට බැගෑපත්වී දියණිය මගේ මව ළගට රැගෙනයාමට එකගකරගත්තා. පැමිණි එක් අයෙක් මගේ දියණියගේ බෙල්ලට පිහියක් තබා දෙමාපියන් කරන රැකියාව කුමක්දැයි විමසා සිටියා. ඇත්ත කියන ලෙසත් බොරු කීවොත් ඇයට පිහියෙන් අනින බවද පැවසුවා. බියට පත්වූ ඇය ඇඩීමට පටන් ගත්තා.
මගේ දියණියට තර්ජනය කරන්නේ කුමක් නිසා දැයි ද මෙහි අරමුණ කුමක්දැයි මා අසා සිටියා. පසුව මා හා කුළුපග වූ ඔවුන් අතර සිටි එක් අයෙකු කියා සිටියේ මෙය කොන්ත්‍රාත්තවක් බවයි. ඔවුන් මගේ සැමියා කොහෙදැයි ද?, ඔහු නැවත පැමිණෙන වේලාවද විමසුවා. මා කියා සිටියේ ඔහු පැමිණෙන්නේ උදේ බවයි. පානදර 4.30ට පමණ කිසිවකු දොරට තට්ටුකරන හඩක් ඇසුනා. ඒ මගේ සැමියා බව මම අනුමාන කලා. ඔහු ගෙදර පැමිණීම පිළිනොගහොත් ඔහු මා හා කිපෙනු හැකි බවට මා එක් අයෙකුට දැනුම් දන්නා. පසුව සුළු මොහොතකින් මා මේ අය කවුරුන්ද ඔවුන්ට අවශ්‍ය දේ ගත්තේ නම් ඇය ඔවුන් නොයන්නේ එක් අයෙකුගෙන් විමසා සිටියේය.
ඔහු ඔවුන්ගේ සාමාජිකයෙකුගෙන් මොකද කරන්නේ යැයි විමසා සිටියා. අලුයම 5.00 ආසන්න කාලයේ දී ඔවුන් අතර සිටි එක් අයෙක් මෙය අවසන් කරමු යැයි පැවසීය.ඒ අවස්ථාවේ මා සිටියේ මගේ පියාගෙ කාමරයේයි. ඔවුන් මා ආසන්නයට අවිදගෙන එක විට මට පියාගේ කාමරයේ ජනේලය ළග කිසිවකුගේ අඩි ශබ්දයක් ඇසුනා. එවිට නිශ්ෂබ්දව සිටි අය අප පොලිසියෙන් යැයි කියා සිටියේය. මගේ සැමියා පොලිසියට කතා කර ඇති බව මට එවිට දැනුනා. මෙම කල්ලිය එවිට ඉදිරිපස දොර ළගට දිව ගිය අතර ශාලාව හා ඉදිරිපස දොර අතර තිබූ දොර ඔවුන් විසින් කඩා දැමුවා. ඉදිරිපස දොර වෙත දිවගිය එම කල්ලියට එහි පොලිසිය සිටින බව දැනී නැවත මගේ පියාගේ කාමරය වෙත දිව අවා. ඒ ගෙයි පිටුපස දොරින් ඵලායාම සදහායි. එවිටම පොලිස් නිලධාරියක මගේ පියාගේ කාමරයට ඇතුලුවූ අතර ඔහුට අදාල කල්ලියේ සාමාජිකයන් පහරදීම නිසා බිමඇද වැටුණා.එවිටම පොලිස් නිලධාරියාගේ ආරක්ෂාවට ඔහු වෙඩි තැබුවා.මා මාගේ පියාට කාමරයේ නොසෙල්වී සිටින ලෙස කියා සිටියා. පසුව මගේ මවගේ කාමරයට දිවගිය මා එම කාමරයේ දොරගුළු දමා මවට හා දියණියටද එසේම කියා සිටියා. ටික වේලාවකින් වට පිටාව සන්සිනු විය.
පසුව මගේ සැමියා විත් දොරට තට්ටු කරනු ඇසුන අතර, මා පියාට මවගේ කාමරයට යාමට උදව්කර මා දොර ළගට ගියා. එසේම මවට දොරගුළු ලාගන්නා ලෙසත් මම හො මගේ සැමියා කඨ කළහොත් පමණක් දොර අරින ලෙසත් කියා සිටියේය. පසුව විශාල පොලිස් නිලදාරීන් පිරිසක් සිවිල් හා නිල ඇදුමින් නිවසේ මිදුලේ සිටිනු මා දුටුවා. නිවසේ පිටුපස තාප්පය ආසන්නයේ තිබී අත් බොම්බයක්ද පොලිසිය පසුව සොයාගෙන තිබිනි. මෙය ඉතා අප්‍රිය ජනක සිදුවීමකි.
මෙය නැවත ආවර්ජනය කළ යුත්තේ මක් නිසාද යත්, මා ජනමාධ්‍ය කලාව හැදෑරූ ලසන්ත වික්‍රමතුංගගේ ද සන්ඩේ ලීඩර් පුවත් පතට ලියූ අවසන් කර්තෘ සටහනේ (2009 ජනවාරි 11)ඇති දෙයක් නිසාය. (ඔහු මෙය පළවීමට පෙර 2009 ජනවාරි 08 වැනිදා ඝාතනයට ලක්විය) ” ඔබට කිසිවක් මතක නැති නම්, මෙය පමණක් මතක තබා ගන්න. ඔබ සිංහල, දෙමළ, මුස්ලිම්, හීන කුල, සම ලිංගික, විසම්මුතිවාදී හෝ අබ්බාගාත වූවෙකු වූවත් ලීඩ පුවත් පත, ඔබ වෙනුවෙන් ඇත. එහි කාර්ය මණ්ඩලය ඔබට සුපුරුදු එඩිතර කමින්, කිසිවකුට හිස නොනමා, නිභයව දිගටම සටන් කරනු ඇත. එය අයිතියක් ලෙස බාර නොගත යුතු ය. මාධ්‍යවේදීන් වන අප කවර ආකාරයේ කැපවීමක් කළ ද, එය අප ගේ කීර්තිය වෙනුවෙන් කරන්නේ නොවේ. එය ඔබ වෙනුවෙන් කෙරෙන්නකි. ඔවුන් ගේ ඒ කැප වීම, ඔබට හිමි ද යන්න, වෙනත් කතාවකි. එහෙත් මා උත්සාහ කළ බව, දෙවියන් වහන්සේ දන්නාහ. “
මූලාශ්‍රය – ද සන්ඩේ ලීඩර්
LNW