විශේෂාංගසාමාන්‍ය

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ඉන්දිය පුරවැසිභාවය ලබාදිය යුතුයි

තමිල්නාඩුවේ ජීවත්වන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ඉන්දිය පුරවැසිභාවය ලබාදීමට මධ්‍යම හා ප්‍රාන්ත රජයට නියෝගකළ යුතුයැයි ඉල්ලා තිබේ ඉන්දිය මහ අධිකරණයේදී නඩුවක් ගොනුකර තිබේ.

චෙන්නයි මහ අධිකරණයෙහි නීතීඥ පි. අරුල් මොලිමාරන් විසින් ගොනුකර තිබෙන එම නඩුවෙහි සඳහන්කර තිබෙන්නේ,
ඉන්දිය පාර්ලිමෙන්තුවේදී 1983දී නීතිවිරෝධි පදිංචිවීම් නීතිය ක්‍රියාත්මක කෙරුණි. එයට එරෙහිව මහ අධිකරණයේදී නඩුවක් ගොනු කර තිබුණි. එම නීතිය නීතිවිරෝධි බවත් එම නීති මාලාව මුළුමනින්ම අහෝසිකරන බවට 2005-07-12 දින මහ අධිකරණය විසින් තීන්දුකර තිබේ.
බූතානයේ සිට ඉන්දියාවෙහි පදිංචිවූ සක්කාෂ් ජාතිකයන් 65 දාහකට ඉන්දිය පුරවැසිභාවය ලබාදිය යුතු බවට මහ අධිකරණයේදී ජාතික මානව හිමිකම් කොමිසම විසින් නඩුවක්ද ගොනුකර තිබූ අතර එම නඩුව විභාගකළ අධිකරණය සක්කාෂ් ජාතිකයන්ට පුරවැසිභාවය ලබාදෙන්නයි මධ්‍යම රජයට නියෝගකර තිබේ.
තමිල්නාඩුවේදී ලක්‍ෂයකට ආසන්න ශ්‍රී ලාංකික දෙමළ සරනාගතයන් ජීවත්වෙති. එයින් 70 115 දෙනෙකු අවතැන් කඳවුරුවල හා 35 දාහකට ආසන්න පිරිසක් පිටතද ජීවත්වෙති. ඔවුන්ද සක්කාෂ් ජාතිකයන් මෙන් වසර 30කට අධික කාලයක් තමිල්නාඩුවේදී ජීවත්වෙමින් සිටිති.
මිනිසකුගේ ජීවිත කාලය වසර 60 -70ක් පමණවේ. එහිදී වසර 30ක කාලයක් පුරවැසිභාවයක් නොමැතිව ජීවත්වීම ඉන්දිය දේශපාලනික ව්‍යවස්ථාවට එරෙහි කරුණක් වන අතර මානුෂිකත්වයටද එරෙහි කාරණාවකි.
තමිල්නාඩුවේදී සරනාගතයන් ලෙස ජීවත්වන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ඉන්දිය පුරවැසිභාවය ලබාදීමට මධ්‍යම හා ප්‍රාන්ත රජයට නියෝගකළ යුතුයැයි එම නඩුවෙහි සඳහන්කර තිබේ.
GTN Online

Leave a Reply

Your email address will not be published. Required fields are marked *