උපුටාගැනීම්විශේෂාංග

මියන්මාරය: මුස්ලිම් විරෝධී ප්‍රහාර මැඩළන ලෙස අන්තර් ජාතික බලපෑම් – සුනන්ද දේශප්‍රිය

තෙමසකට පෙර ඉස්ලාමීය රටවල්  එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී-මූන් වෙත සැර ලිපියක් යැවූහ. මියන්මාරයේ මුස්ලිම් ජනයා වෙත අතෝරක් නැතිව මුදා හැරෙන ජන ඝාතක මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමාණවත් තරම් ප්‍රබලව ස්ථාවරයක් ගෙන නැතැයි එමගින් එම රටවල් බැන් කී මූන්ට වක්‍ර ලෙස චෝදනා කළහ. ” මියන්මාරය කෙය සමඟ මධුසමයක් ගත කරමින් සිටී. නමුත් මෙම මධුසමයේ ඇති ප්‍රශ්ණය නම් එය එරට මුස්ලිම් ජනතාවගේ මළ කදන් මතින් ගොඩ නඟා තිබීම ය” යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සව්දි අරාබි තානාපති අබ්දුල්ලා අල්-මවුලෙමි ප්‍රසිද්ධියේ කියා සිටියේ ය. ඔහු එසේ කියා සිටියේ ඉස්ලාමීය රටවල සංවිධානයේ නියෝජික පිරිසක් මියන්මාරයේ මුස්ලිම් ජනයා මුහුණ දෙන බයකරැ තත්ත්වය සම්බන්ධයෙන් බැන් කී-මූන් හමුවීමෙන් පසුය. එම පුවත් පත් සාකච්චාවෙහි අදහස් දැක් වූ ඉස්ලාමීය රටවල සංවිදානයේ ප්‍රධානී ඩිජිබූටි එක්සත් ජාතීන්ගේ තානාපති රොබෙල් ඔල්හසෙය් කියා සිටියේ ” මියන්මාරයේ සිදුවන්නේ මුස්ලිම් ජන ඝාතනයක්. රඑට ආන්ඩුව එය වැළැක්වීමට ඇති තරම් පියවර ගන්නේ නැහැ” යැයි ඔහු චෝදනා කළේ ය.

ඉස්ලාමිය රටවක මෙම පියවර මිග් දියත් වූ අන්තර් ජාතික බැලපෑම අවසානයේ දී මියන්මාරයේ ආන්ඩුවට තමන් අන්තවාදීන්ට ඉඩක් නොදෙන බව ප්‍රසිද්ධියේ කියා සිටීමටත් එට තුළ එම අන්තවාදී පාලනය කිරීන බව පෙන්වීමටත් තරම් ප්‍රබල එකක් බවට පත් විය. ඇත්ත වශයෙන්ම නම් මියන්මාරයේ හමුදා පාලනය බිද වැටීමට ද ප්‍රධාන හේතුව වූයේ අන්තර් ජාතික බලපෑමයි.

දශක ගණනාවක යුද්ධ පාලනයක් පැවැති මියන්මාරය සම්බන්ධයෙන් එකළ අන්තර් ජාතික වශයෙන් අවධානය යොමුව තිබුණේ එරට සිවිල් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම කෙරෙහි ය. දශක දෙකකට වඩා විවිධ සිරගත කිරීම් වලට ලක්ව කරන ලද නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අතනෑර ගෙන යමින් සිටි අවුන් සාන් සු කී විසින් සංකේතවත් කෙරුනි. අවුන් සාන් සු කීට දේශපාලන නිදහස ලබා දී ජනමාධ්‍ය නිදහස ඇතුළු මූලික සිවිල් නිදහස් ලබා දීමට යුද හමුදා පාලනයට සිදු වූයේ දේශීය උද්ඝෝෂනයන් විසින් පණ පෙවුණු විශේෂයෙන්ම අන්තර් ජාතික බලපෑම් නිසා ය.

එසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේම කොටසක් වූ සුළුතර ජනවාර්ගික අයිතීන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් පෙන්වීමට එරට අසමත් විය. මියන්මාරයේ ජනගහණයෙන් සියයට 89ක් බෞද්ධයින් වන නමුත් සියයට 60ක් පමණක් වන බෞද්ධ බුරුමවරැ එහි මහ ජාතිය ලෙස තමන් සළකා ගනිති. යුද්ධ පාලකයින් පදනම් වූයේ මෙම බුරුමවරැන්ගේ ජාතිකවාදය මත ය. එසේ නමුත් එරට ජනගහණය වන මිලියන 54න් ඉතිරි සියයට හතලිහ පුරවන්නේ සියයකට වැඩි ජනවාර්ගික ප්‍රජාවන් විසිනි. ඒ අතර මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය සියයට හතරකි.  පසුගිය කාලය පුරා අන්තවාදී බෞද්ධ කන්ඩායම් විසින් මරනීය ප්‍රහාරයන් එල්ල කරන ලද්දේ එකී මුස්ලිම් ප්‍රජාවට ය. කෙටි කළක් තුළ දහසකට ආසන්න මුස්ලිම්වරුන් ඝාතනය කළ එම වර්ගවාදී ප්‍රහාරයන් විසින් දෙලක්ෂයකට ආසන්න මුස්ලිම් ජනතාවක් සරණාගතයින් බවට පත් කළහ.

” එක්සත් ජාතීන්ගේ සංවිධානය තමයි ලෝකයේ හෟද සාක්ෂිය. ඒ නිසයි අප කියන්නේ මෙයට වඩා තදින් මියන්මාරයේ පාලකයින්ට ඇසෙන විදිහට එය කතා කළ යුතුයි කියා. එය ට කරන්න පුලුවන් තවත් බොහෝ දේ තියෙනවා” යැයි ඉස්ලාමීය රටවල සංවිධානයේ ප්‍රධානී  ඩිජිබූටි එ.ජා. තානාපති කියා සිටියේ ය.  ” මියන්මාර ආන්ඩුව සහ අන්තවාදී පිරිස් ඉතාම මූලික මානව අයිතිවාසිකම් සහ මානව වටිනාකම් එරට දී පගා දමමින් ඉන්නේ. අන්තර් ජාතික ප්‍රජාව මේ ගැන පියවරක් ගත යුතු යැයි” එක්සත් ජාතීන්ගේ සව්දි තානාපති කියා සිටියේ ය. ඔහු තවදුරටත් කීවේ මැතිවරණ පවත්වන්න යැයි කීමෙන් පමණක් මෙම ඝාතනයන් නැවැත්විය නොහැකි බවයි.

මෙම ඉල්ලීම හමුවෙහි බැන් කී-මූන් වහාම මියන්මාරයේ මිතුරෝ යන ලිහිල් එකමුතුවට අයත් චීනය, යුරෝපා සංගමය, ආසියානු රටවල නියෝජිතයින් හමුව මියන්මාරයේ මුස්ලිම් ජනයා මුහුණ දෙන භයානක තත්ත්වය සාකච්ජා කළේ ය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් දියත් කර ඇති මියන්මාරයට දිගටම සහයෝගිය දය යුතු බව අවධාරනය කළ බැන් එනමුත් සාමය සහ ප්‍රති සන්ධනය සම්බන්ධ ප්‍රශ්න විසදීමට ගෙන ඇති පියවර අප්‍රමාණවත් යැයි ප්‍රකාශ කළේ ය. ” කල්පවත්නා සාමයක් සඳහා සියළූ දෙනාම ඇතුළත් කර ගන්නා දේශපාලන ක්‍රියාදිමයක් මගින් බලය සහ සම්පත් බෙදා ගන්නා ක්‍රමයක් මියන්මාරය සකස් කර ගත යුතු” යැයි ඔහු කියා සිටියේ ය. ” මියන්මාරයේ භයානක ධ්‍රැවගතවීමක් සිදුවෙමින් යනවා. ඉක්මන් පියවර නොගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අනතුරට යවන සමාජමය පිපිරීම් අතිවිය හැකි” යැයි ඔහු අවධාරණය කළේ ය. ” මේ තමයි ප්‍රජාවන් අතර සංහිදියාව සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා සඳහා කාලය” යැයි කී බැන් කී-මූන් තමා ඉක්මනින්ම මියන්මාරයේ නායකයින් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ජා කරන පවට ඉස්ලාමීය රටවලට පොරොන්දු විය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද විශේෂයෙන්ම පශ්චාත් යුද්ධ කාලීන ජනවාර්ගික ධ්‍රැව ගතවීම් සම්බන්ධයෙන් මෙවැනිම සමාන්තරයක් ඇදීම දුෂ්කර නැත. උතුරු පළාත් සභා මැතිවරණයෙන් පෙන්වන ලද එම ධ්‍රැව ගතවීම අනෝන්‍ය සහජීවයනයක් බවට පෙරළා නොගතහොත් ශ්‍රි ලංකාව යළි අස්ථාවර විය හැකි යැයි දැනටමත් පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය තුළ පසුගිය දා නිව්යොක්හි පැවැති පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මංඩළ සැසි වාරයේ දී මියන්මාරය තමන් අන්තර් ජාතික ප්‍රජාවට සවන් දෙන බව පෙන්වීමට මියන්මාරයට බල කෙරුණි. ” අන්තවාදීන්ට ( එනම් හිසාකාරි සහ මුස්ලිම් විරෝධී බෞද්ධ අන්තවාදීන්ට ) සිය රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ විනාශ කිරීමට අවස්ථාවක් නොදෙන බව” ට එරට විදේශ අමාත්‍ය වුන්නා මුන් ලවින් ශපථ කළේ ය.

මේ අතර පසුගිය 26වනදා නිව්යෝක්හි එ.ජා. මහා මංඩල රුස්වීම අවස්ථාවෙහි රුස් වූ විදේශ අමාත්‍යවරු මෙන්ම ” මියන්මාරයේ මිතුරෝ” රටවල් කන්ඩායම මියන්මාරයේ රොහාන්ගියා මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව තහවුරැ කිරීමට වහාම පියවර ගත යුතු බව මියන්මාරයට තදින් කියා සිටියේ ය.

ඊට ප්‍රතිචාර වශයෙන්  ” බෝට්ටුව පෙරලන්න හදන මිනිස්සු කොතැනත් ඉන්නවා” යැයි කී එරට විදේශ අමාත්‍ය කීයේ ” ප්‍රජාතන්ත්‍රවාදය කරා වන සංක්‍රමණයට බාධා වන කිසිදු ප්‍රචන්ඩත්වයකට සිය ආන්ඩුව ඉඩ නොදෙන බවයි. එසේ නමුත් මුළු ලොව ම දැන සිටි කරුණක් වූයේ මියන්මාර ආන්ඩුව බෞද්ධ අන්තවාදී පිරිස් විසින් මරණීය ප්‍රහාර එල්ල කළ මුස්ලිම් ජනයා රැක ගැනීමට කිසිදු ප්‍රමාණවත් පියවරක් නොගත් බවයි. ඉස්ලාමීය රටවල බලපෑම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තෙරපුම විසින් මියන්මාර පාලකයිනට තරමක මොළයක් පාදා තිබුණි.

එමෙන්ම බෞද්ධාගමේ නාමයෙන් බුදු දහමට කිසිසේත්ම නොගැලපෙන හිසාකාරී මනුෂ්‍ය ඝාතක මුස්ලිම් විරෝධී අන්තවාදයක් ගෙන යමින් සිටි පිරිස් පාලනය කිරීමට ද මියන්මාර හමුදාව පියවර ගැනෙමින් තිබෙන බවක් දක්නට ලැබුණි.

 

සුනන්ද දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *