අපරාධපුවතකට වැඩි යමක්විදෙස්

චැනල් 4 වීඩියෝ යුධ හමුදාවෙන් ලැබුණු ඒවා බව මැක්‍රේගෙන් ප්‍රකාශයක්

LTTE  සංවිධානයෙහි ප්‍රධාන විද්‍යුත් දෘෂ්‍ය මාධ්‍ය වන දෙමළ ඊළම් රූපවාහිනි නාළිකාවෙහි ප්‍රවෘර්ති නිවේදිකාවක ලෙස කටයුතු කළ ඉසයිප්‍රියාව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නිරුපද්‍රිතව කැටුව යෑමේ වීඩියෝ දර්ශනත්, ඉන්පසුව ඉසයිප්‍රියා ඝාතනය කර එහි වීඩියෝ දර්ශනයද පසුගිය වසරදී චනල්4 නාළිකාව විසින්ම නිකුත්කර තිබුණි. එසේම ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් කොටි සංවිධානයේ සාමාජිකයින් හා අනෙකුත් පිරිස් ඝාතනය කරන දර්ශන ඇතුළු බොහෝ වීඩියෝ තමාට ලැබුනේ ශ්‍රි ලංකා හමුදා නිලධාරියෙක්ගෙන් බව චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදී කැලම් මැකරේ ඊයේ (05) ටයිම් ඔෆ් ඉන්ඩියා වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ අදාල දර්ශන ඇතුලත් විඩියෝ තම නාලිකාවට ලැබීමට පෙර ඒවා ඔවුන් විසින් ලංකා රජයට ලබා දෙන්නට ඇතැයි විශ්වාස කරන අතර ඒවා සම්බන්ධයෙන් ලංකා රජය කටයුතු නොකිරීම චැනල් 4  නාලිකාව විසින් ප්‍රශ්න කර සිටින බවත්ය.

නොඑසේ නම් ලංකා රජය මේ සම්බන්ධයෙන් දක්වන අදහස් වලින් පෙනී යන්නේ අදාළ හමුදා නිලධාරියා ඒවා ආණ්ඩුවට ලබා නොදි සෘජුව තම නාලිකාව වෙත ලබාදෙන්නට ඇතැයි විශ්වාස කරන බවයත්ය.

කෙසේ නමුත් මේ පිළිබද අයි.බි.එම් ලයිව් නාලිකාව වෙත නොවැම්බර් 02 දින සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මැකරේ පවසන්නේ අදාළ විඩියෝ දර්ශන ලැබුනු ගමන් ඒවා විශ්වාස කළ නොහැකි තරම් සාහසික වූ බවත් ඒවා නැරඹීමෙන් අනුතුරුව එම දර්ශන සැලසුම් සහගත ක්‍රමවේදයකට අනුව ඝාතනය කරන අයුරක් හා වීඩියෝ ගත කර ඇති බවත්ය.

එම වීඩියෝ නැරඹීමෙන් තමන් ඉතාමත් ව්‍යාකූල තත්වයට පත්වූ බවත්, ලොව කොහේ කොතැනක හෝ මෙවැන්නක් සිදුවීම ජාත්‍යන්තර යුධ නීතීන් පවා උල්ලංගනය කරන්නක් බැවින් තමන් ඇතුළු කණ්ඩායම මෙසේ වාර්තා චිත්‍රපයක් කිරීමට පෙළඹ වූ බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සටහන: ඩෙස්කා කුඩාවිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *