අපරාධසාමාන්‍ය

ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් දි සැමියා මරවයි.

මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් අනියම්බි රිඳ විසින් පුද්ගලයින් තිදෙනෙකුට ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් ලබාදී පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කිරීමේ පුවතක් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

හිටපු පොලිස් පරීක්ෂකවරයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජුලි මස 21 වන දින අදාළ හිටපු පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කර තිබු අතර ඔහුගේ මළ සිරුර දින 7කට පසු කිතුල්ගල පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයේ දී එම පොලිස් පරීක්ෂකවරයාගේ අනියම් බිරිඳ විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *