නවසීලන්ත මන්ත‍්‍රී ජෑන් ලොගී සහ ඕස්ටේ‍්‍රලියානු මන්ත‍්‍රී ලී රයිනන් යන මන්ත්‍රීවරියන් දෙදෙනා මෙරට පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට එරෙහිව, කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට උත්සාහ කරමින් සිටි බවට චෝදනා කරමින්, ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඔවුන් වීසා නීති කඩ කරමින්, පොදු රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට එරෙහිව අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා අද පෙරවරුවේ දෙමළ සන්ධාන කාර්යාලයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ගියේ යයි ආරක්ෂක අංශ චෝදනා කරයි.
මෙම මන්ත්‍රීවරියන් දෙදෙනා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනුයේ ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කඩ කිරීම හා නීති උල්ලංගනය කිරීමේ නිරත වෙමින් සිටින නිසා පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ සත්කාර රට වීමට සුදුසු නොවන බවත් ඉදිරි වර්ෂ 2 සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපතීත්වය ශ්‍රී ලංකාවට නොදිය යුතු බවත්ය.
ඔවුන් පවසනුයේ CHOGM සභාපතීත්වය ශ්‍රී ලංකාවට ලබා දුන හොත් මෙම සංවිධානය කෙරෙහි ජාත්‍යන්තර පිලිගැනීමට හානි සිදු වන බවයි.
සටහන: වසන්ත බංඩාර