චැනල් 4 රූපවාහිනී නාලිකාවේ නිෂ්පාදක කැලම් මැක්රේ අද (11) මෙරටට පැමිණියේය. පොදුරාජ්‍ය මඩුළු සමුලුවේ ආවරණ කටයුතු සඳහා තමා පැමිණි බව ඔහු කීය. කෙසේ වෙතත් ඔහු පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපල පැමිණීම් පර්යන්තයේ විශාල උද්ඝෝෂණයක් පැවැතියේය. ජාතික සමඟිය ගොඩනැංවීමේ සංසදය විසින් එය පැවැත්වූ අතර 300කට වැඩි පිරිසක් ඊට එක්ව සිටියහ. කොටි ප්රහාරයන්ගෙන් ඥාතීන් අහිමිවූ පිරිසක්ද ඒ අතර විය. කැලම් මැක්රේ වැන්නෙකුට වීසා ලබා දීම පිළිබඳව රජයට චෝදනා කළ ඔවුන් කැලම් මැක්රේට වහාම රටින් පිටවෙන ලෙසද කීය.
කෙසේ වෙතත් මැක්රේ එම ස්ථානයට පැමිණ උද්ඝෝෂකයින් හා කතා කරන්නට උත්සාහ කළේය. ඔහු පැවසුවේ තමා එල්.ටී.ටී.ඊ යෙන් මුදල් ලබා නොගත් බවත්, තමා කොටි හිතවාදියෙකු නොවන බවත්ය. තමා කළේ නිර්මානයක් පමණක් බව කී හේ නිර්මාණකරුවෙකුට තමා කැමති නිර්මාණයක් කරන්නට අයිතියක් ඇතැයිද කීය. කොටි සංවිධානයෙන්ද බරපතල මානවහිමිකම් උල්ලංඝනය වීම් සිදුවී ඇතැයි කී මැක්රේ තමා ඒ පිළිබඳවද අධ්‍යයනය කරන බව කීය. කෙසේ වෙතත් මෙවර තමා පැමිණියේ පොදුරාජ්‍ය මඩුලු සමුළුවට පමණක් බවද හේ පැවසීය. කෙසේ නමුත් ආරක්ෂක අංශ කඩිනමින් ඔහු එම ස්ථානයෙන් ඉවත්කොට කොළඹ බලා එවීය.
මැක්රේට විරුද්ධව පැවති උද්ඝෝෂනයේ වීඩියෝව.
මැක්රේ සමඟ පැවති ගුවන්විදුලි සාකච්ඡාවක වීඩියෝව.