අපරාධසාමාන්‍ය

මුත්තූර් සේවකයන් පෝලිම් ගසා මරා දමලා – ඒසීඑෆ්

දෙදහස් හයේ වසරේදී සිය සේවකයන් දාහත් දෙනකු මරා දැමූ බවට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට චෝදනා කරන ඒසීඑෆ් ආධාර ආයතනය, ඒ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා සිටියි.

මුත්තූර් හිදී සිය සේවකයන් ඝාතනය කිරීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ පරීක්ෂණ නිමා වන තුරු තමන් බලා සිටි නමුත්, එම පරීක්ෂණ ‘විහිලුවක්’ බවට පත් වී ඇතැයිද ආධාර ආයතනය චෝදනා කරයි.

ආධාර සේවකයන් පෝලිම් ගසා, ඔවුන්ට දණ ගසන මෙන් නියෝග කොට ඉන් අනතුරුව ආරක්ෂක හමුදා විසින් ඔවුන්ට වෙඩි තබා මරා දමා ඇති බව, ඒසීඑෆ් ආධාර ආයතනය පවසයි.

එවක් පටන් එම ඝාතකයන් රකින බවට ආධාර ආයතනය ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරයි.

ඇසින් දුටු සාක්ෂිකරුවන්, රහසිගත ලිපි ලේඛන සහ රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් තමන්ට මේ සාක්ෂි ලැබුන බව, ආධාර ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *