අපරාධඋපුටාගැනීම්

ලලිත් සහ කුහන් අතුරුදහන් කර අදට වසර දෙකයි

ජන අරගල ව්‍යාපාරයේ උතුරු පළාත් සංවිධායක ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ එම සංවිධානයේ ක්‍රියාකාරියක කුගන් මුරුගානන්දන් මහතා රජයේ ආරක්ෂක හමුදා විසින් පැහැර ගෙන ගොස් අදට වසර දෙකක් ගත් වේ. ඔවුන් දෙදෙනා යාපනයේදී, සුදු වෑන් රථයකින් පැමිණි හමුදා භටයින් කණ්ඩායමක් විසින් පැහැර ගෙන යන ලද්දේ 2011 වසරේ දෙසැම්බර් 09 වැනිදා පස්වරුවේය.

මෙම පැහැර ගැනීම පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලද්දේ ආණ්ඩුව විසින් බවත් ඔවුන් අතුරුදහන් වීමකට ලක්ව නැති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතාද පිළිගත්තේය. එහෙත් එතැන් සිට වසර දෙකක් ගත වී ඇතත් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට ආණ්ඩුව පියවර ගෙන නැත.

පැහැර ගැනීමට ලක් වෙද්දී ඔවුන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමු වූ අතර  සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, කෝපායි පොලිසියේ නිලධාරීන් පැහැර ගැනීම සිදු වූ ස්ථානයට පැමිණ යතුරු පැදිය රැගෙන ගිය බවයි.

ලලිත් සහ කුගන් පැහැර ගැනීමට ලක් වූයේ ලෝක මානව හිමිකම් දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවක් සඳහා පෙර සූදානම් කිරීමේ කටයුතුවල නිරත වී සිටියදීය.

උපුටා ගැනීම: LV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *