අපරාධ

මන්නාරම මාධ්‍යවේදී එස්. ආර්. ලම්බේර්ට්ව කොළඹ ත්‍රස්ත මර්ධන අංශයෙන් ප්‍රශ්ණ කරයි

මන්නාරම් දිස්ත්‍රික්ක මාධ්‍යවේදී එස්. ආර්. ලම්බේර්ට්ව කොළඹ ත්‍රස්ත මර්දන අංශය විසින් පැය තුනක කාලයක් ප්‍රශ්ණකර තිබේ. ඊයේ සඳුදා 12 දින  කොළඹ ත්‍රස්ත මර්දන අංශයට කැඳවා පැය තුනක කාලයක් රඳවා තබා ප්‍රශ්ණ කර තිබේ.

පසුගිය ඉරිදා දින උදෑසන මන්නාරම පොලීසිය මඟින් මාධ්‍යවේදියාට වරෙන්තු නිකුත්කර තිබේ. අනතුරුව ඊයේ සඳුදා දින උදෑසන 11.30ට පමණ මාධ්‍යවේදී ලම්බේර්ට් සහ ඔහුගේ නීතීඥවරයා හරහා කොළඹ ත්‍රස්ත මර්දන අංශයට ගොස් තිබේ. නමුත් ප්‍රශ්ණ කිරීමේදී නීතීඥවරයාට ඔහු සමඟ සිටීමට අවසර ලබාදී නොමැත.

ප්‍රථමයෙන් දෙමළ ජාතික සන්ධානයෙහි වන්නි දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් මහතා හා මාධ්‍යවේදියා අතරවූ සම්බන්‍ධකම් ගැන ප්‍රශ්ණකර තිබේ. අනතුරුව 2011දී කොටි ත්‍රස්තවාදින් සම්බන්‍ධයෙන් පුවත්පතක නිකුත්වූ පුවතක පිටපතක් පෙන්වා එය මම නිකුත් කළ බව පවසා සිටියෝය. නමුත් එම පුවත කුමන මාධ්‍යකදී නිකුත් කළේදැයි මම නොදැනිමි, එය මම ප්‍රතික්‍ෂේප කළෙමි, පසුව මගේ දුරකථනයෙන් කථාකළ ඇමැතුම් කිහිපයක් සම්බන්‍ධයෙන් ප්‍රශ්ණ කළෝය. අනතුරුව මාගේ විද්‍යුත් තැපැල් ගිණුම ගැනද එහි රහස් අංකයන් ගැනද පරික්‍ෂා කළෝය.

මාගේ විද්‍යුත් තැපැල් ගිණුමෙහි මුරපදය අමතකවී තිබීමෙන් ඔවුන්ගේ ඉල්ලීමට අනුව එය ක්‍රියාත්මක කර පෙන්වීමට නොහැකිවුණි. අනතුරුව කොටින් ගැනද ඔවුන් සමඟවූ සම්බන්‍ධකම් ගැනද ප්‍රශ්ණ කළෝය. මෙම ප්‍රශ්ණ කිරීම පැය තුනක් පමණ සිඳුවුණි.

මන්නාරමේ සිටින බුද්ධි අංශ නිළධාරීන් විසින් එවන ලද තොරතුරුවල අනුව මෙම ප්‍රශ්ණ කිරීම සිඳුකළ බවද ඔවුන් පවසා සිටියෝය.

උපුටා ගැනීම: TN

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *