අපරාධඋපුටාගැනීම්විශේෂාංගවීඩියෝ

නාවික හමුදාව තරුණයන් ඝාතනය කළ වික්‍රමය සවිස්තරව මෙන්න..!

නාවික හමුදාවේ ඉහළ නිලයන් කිහිපයක් විසින් 2008 වසරේ මාර්තු මාසයේ සිට 2009 වසරේ මැයි මාසය දක්වා කාල පරාසය තුළ දී සුදු වෑන් මඟින් කොළඹ ප්රදේශයේ තරුණයන් 11 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් අනතුරුව ඝාතනය කිරීමට අදාළව තොරතුරු බොහෝමයක් මේ වන විට මාධ්ය මඟින් හෙළි වී හමාර ය.

කොටුව මහේස්ත්රාත් උසාවියේ ලඝු නඩු අංක බී.732/2009 යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. නිශාන්ත සිල්වා විසින් 2009.06.01 දින එම පැහැර ගැනීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ ප්රථම විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එතැන් පටන් වසර 6ක් පුරා මන්දගාමීව එම පරීක්ෂණය 2015 වසර තෙක් පැමිණි අතර 2015 වසරේ
පෙබරවාරි මස සිට නැවතත් එම ලඝු නඩු විභාගය සක්රීයව ආරම්භ විය. 2008 සහ 2009 වසර තුළ කොළඹ හා තදාසන්න ප්රදේශ වල දෙමළ ජාතික තරුණයන් 11දෙනකු පැහැර ගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට නීතිපතිවරයා ගේ සහාය මෙතෙක් ලැබී නොමැති බව කොළඹ කොටුව මහේස්ත්රාත්වරිය විවෘත අධිකරණයේ ප්රකාශ කරන්නේ අදාළ පැමිණිල්ල පසුගිය සතියේ අඟහරුවාදා (5වැනිදා) කැඳවූ අවස්ථාවේදී ය.

එහි දී ලංකා ජයරත්න මහේස්ත්රාත්වරිය විවෘත අධිකරණයේ ප්රකාශ කොට සිටියේ ඉහත කී සිද්ධියට අදාළ පරීක්ෂණ පොලිසිය විසින් නිසියාකාරව සිදු කරනු ලැබ ඇති බවත්, අපරාධ පරීක්ෂණයක් සාර්ථක කර ගැනීමට නීතිපතිවරයා ගේ සහාය බෙහෙවින් වැදගත් බැවින් නඩුව විභාග වන මීළඟ දින අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා අධිකරණ පිස්කල්වරයා මාර්ගයෙන් නීතිපතිවරයාට නොතිසි නිකුත් කරන ලෙසටය. අනතුරුව අදාළ නඩු විභාගය අගෝස්තු 30 වනදා දක්වා කල් තැබිණ. ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ශ්රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයන් තිදෙනෙකු රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් මේ වන විට ඇප මත මුදා හැර තිබේ. බී/732/2009 අධිකරණ වාර්තාව එල්ටීටීඊ ත්රස්තවාදී සැකකරුවන් සමඟ සම්බන්ධතා පැවැත් වූ නාවික හමුදා සාමාජිකයෙකු සම්බන්ධයෙන් ශ්රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින්කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම ලඝු නඩු විභාගය ආරම්භ කෙරී ඇත. එහි දී ප්රධාන සැකකරු ලෙස එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගේ පුද්ගලික ආරක්ෂක ලෙස කටයුතු කළ ලූතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ නම් කර තිබේ. එම පළමු පූර්ව නඩු විභාගය මහේස්ත්රාත් අධිකරණ නිලමැදිරියේ දී කැඳවන ලද අවස්ථාවේ දී නාවික හමුදාව නියෝජනය කරමින් කොමදෝරු නීතීඥ සහ එවකට නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් ශවේන්ද්ර ප්රනාන්දු යන නිලධාරීන්ට කළ දැනුම් දීම පරිදි ඉදිරි විමර්ශන කටයුතු සඳහා ප්රකාශ ලබා ගැනීමට නාවික නිලධාරීන් 7 දෙනෙකු නම් කර තිබේ.

එහි දී එම නිලධාරීන් ගේ ප්රකාශ මත කළ විමර්ශන අනුව එවකට නාවික හමුදාපතිවරයා ගේ පුද්ගලික ආරක්ෂකයාව සිටි ලූතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ ගේ අධීක්ෂණය යටතේ ක්රියාත්මක වූ ආවේශන කණ්ඩායමක් විසින් සහ නාවික හමුදාවේ හිටපු මාධ්ය ප්රකාශක කපිතාන් ඞී.කේ.පී දසනායක ගේ අධීක්ෂණය යටතේ, ලූතිනන් කොමදෝරු හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්රසාද් චන්දන මෙහෙය වූ විශේෂ බුද්ධි කණ්ඩායමක් විසින් මෙලෙස කොළඹ කොටහේන, දෙහිවල, හෙට්ටිවීදිය, සහ ඇලකන්ඳ යන ප්රදේශ වල පදිංචිකරුවන් 11 දෙනෙකු නීති විරෝධීව පැහැරගෙන ගෙන ගොස් ඇති බව අධිකරණයට දන්වා ඇත.
සුදු වෑන්,පිට්ටු බම්බුව සහ ගන් සයිඩ් එම බී වාර්තාව අනුව කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීට්, රජිව් නාගනාදන්,ප්රදීප් විශ්වනාදන්, මොහොමඞ් සාජිත්,තිලකේෂ්වරන් රාමලිංගම්, ජමාල්ඞීන් ඩිලාන්,අමලන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්ටනී කස්තුරිආරච්චි, කනගරාජා ජෙගන් සහ මොහොමඞ් අලී අන්වර් යන තරුණයන් 11දෙනා මෙලෙස පැහැරගෙන ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අධිකරණයට දන්වා තිබේ. ඉහත නම් සඳහන් පුද්ගලයන් සුදු වෑන් මඟින්පැහැරගෙන ගොස් ශ්රී ලංකා නාවික නෞකා පරාක්රම ආයතනය පිහිටි චෛත්ය පාරේ “පිට්ටු බම්බුව” නමින් හඳුන්වන ස්ථානයේ 2008 වසරේ අගෝස්තු මාසයේ සිට 2009 වසරේ මාර්තු මාසය දක්වා සම්පත් මුණවීර සහ ඞී.කේ.පී දසනායක යන නිලධාරීන් ගේ අධීක්ෂණය යටතේ නීති විරෝධීව රඳවා තබාගෙන සිට ඇති බවට මෙම බී වාර්තාව මඟින් අධිකරණයට දන්වා තිබේ.

2009 වසරේ මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ එම තරුණයන් 11 දෙනා කොළඹින් රැගෙන විත් ඞී.කේ.පී. දසනායක සහ මාණ්ඩලික නැගෙනහිර බුද්ධි ලෙස කටයුතු කළ ලූතිනන් කොමදෝරු ආර්.පී.එස්ර ණසිංහ යන නිලධාරීන් ගේ අධීක්ෂණය සහ පාලනය යටතේ ක්රියාත්මක වූ විශේෂ බුද්ධි අංශයේ සමීප අධීක්ෂණය තුළ ත්රිකුණාමලය නාවික කඳවුරේ ‘ගන් සයිඞ් ‘ නමැති භූගත කදවුරේ නීති විරෝධී ලෙස රඳවාගෙන සිට තිබේ. ඒ බවට ඇසින් දුටු නාවික හමුදා, බුද්ධි නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශවල සාක්ෂිකරුවන් සහ වෙනත් සාක්ෂිකරුවන් 71 දෙනෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ප්රකාශ ලබා දුන් බවට එම බී වාර්තාව මඟින් අධිකරණයට දන්වා තිබේ.

පරීක්ෂණ ප්රමාද වීම එම බී වාර්තාව මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇත්තේ නාවික හමුදාව විසින් සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් ශවේන්ද්ර ප්රනාන්දු විසින් ඍජුව මැදිහත්ව එවකදී සටහන් ලබා ගැනීමට අවශ්ය පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත යොමු නොකරන ලද බවයි. එහිදී වැඩිදුරටත් අධිකරණයට දන්වා තිබුණේ අධිකරණ නියෝග අනුව 2015.02.16 වැනි දින සිට යළිත් සිදුකරගෙන යන විමර්ශනවලට අදාළ පරීක්ෂණ වල සත්ය අසත්යතාව දැන ගැනීමට අවශ්ය වූ පාර්ශ්වකරුවෙක් වන කපිතාන් ඞී.කේ.පී දසනායක යන අය ඇමරිකාවේ පුහුණු පාඨමාලාවකට ගොස් ඇති බවත් නැවත පැමිණ ආපසු යෑමේ සූදානමක් ඇති බවත්, එම ගමන් ගැනීම නවතන ලෙසත් නියෝග ඉල්ලා තිබේ. මේ සියලූම කාරණා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට අවධාරණය කර තිබුණේ නාවික හමුදාව සහ නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා විසින් නීති විරෝධී ලෙස මෙම තරුණයින් අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීම පිළිබඳ විමර්ශනවලට සහයෝගය නොදී කටයුතු කරන බවට සාධාරණ සැකයක් ඇති බවයි.

2013.10.10 දින හිටපු ජනපතිට යැවුණු ලිපිය.

‘‘මිනී මැරීම්, මංකොල්ල කෑම්, මිනිසුන් අතුරුදහන් කිරීම්, කප්පම් ගැනීම්, සහ මිනිස් ජාවාරම් කිරීම්- කපිතාන් ඞී.කේ.පී දසනායක, ලූතිනන් කමාන්ඩර් ආර්.පී.එස් රණසිංහ යන නිලධාරීන් නාවික හමුදා බුද්ධි අංශ විනාශ කිරීම”. යන ලිපි ශීර්ෂය සහිතව 2013.10.10 වැනි දින මෙම අපරාධ සම්බන්ධව සාක්ෂි ලබා දීමෙන් පසුව එමඟින් අසාධාරණයට සහ නොයෙකුත් තාඩන පීඩන වලට ලක් වූ නිලධාරීන් විසින් හිටපු ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත. එහි පිටපත් හිටපුආරක්ෂක ලේකම්, පොලිස්පති, රාජ්ය බුද්ධි ප්රධානී සහ නාවික හමුදාපතිවරයාට ද යොමු කර ඇත. එහි සඳහන් වන්නේ එවකට සිටි නාවික හමුදාපතිවරයා දැනුම්වත්ව සම්පත් මුණවීර, දසනායක සහ රණවීර යන ඉහළ නිලධාරීන් 2007 වසරේ සිටම අහිංසක දෙමළ වැසියන් සහ තරුණයින් පැහැරගෙන ගොස් ඔවුන්ගේ දෙමාපියන් ගෙන් කප්පම් ලබා ගත් බවත්, එහිදී එක් පුද්ගලයෙකු ගෙන් රුපියල් ලක්ෂ 100,90, සහ 35ක ආදී වශයෙන් කප්පම් ලබාගෙන ඔවුන්ව ඝාතනය කර ඇති බවයි. එතැනින් නොනැවතී කප්පම් මුදල් ලබා දීමට පැමිණි ඔවුන්ගේ පවුලේ ඥාතීන් සහ දෙමාපියන් පවා පැහැරගෙන ගොස් කප්පම් මුදල් ලබාගෙන ඇති බවයි.එම පුද්ගල පැහැර ගැනීම් වලට අමතරව ඔවුන් සතුව තිබූ වෑන් රථ 3ක් සහ මෝටර් රථයක් ද මෙම නිලධාරීන් විසින් පැහැරගෙන ඔවුන්ගේ පුද්ගලික පරිහරණය සඳහා භාවිත කරන බව ද එහි දී හිටපු ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබේ.
රඳවා ගැනීම් සහ වධකාගාර තුළ සාක්ශ්ය මීට අදාළ සියලූම සාක්ෂ්යකරුවන් ගේ සටහන් සහ එම ස්ථානීය සාක්ෂි පිළිබඳව සටහන් 2015.04.20/2015.05.22 දින සිට මේ දක්වා කොටුව මහේස්ත්රාත් වෙත ඉදිරිපත්ක රන ලද බී වාර්තා මඟින් තහවුරු කර ඇත. පැහැර ගත් වාහන සහ වධකාගාර පැහැරගත් තරුණයන් සමඟ තිබූ ඔවුන්ගේ වෑන් රථය ත්රිකුණාමලය නාවික හමුදා කඳවුරේ තිබී ඉකුත් වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සොයා ගත් අතර, එම රථය නාවික හමුදා අංක තහඩු යොදා භාවිතයට ගෙන තිබූ බවද එහිදී අධිකරණය හමුවේ හෙළි විය.2015 වසරේ නොවැම්බර් 18 වැනිදා මාධ්ය හමුවක් පවත්වමින් දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ “බලහත්කාරයෙන් හෝ නොකැමැත්තෙන් හෝ අතුරුදහන් කරනු ලැබූවන් සම්බන්ධ ආයතනය” හෙළිදරව් කළේ තමන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමඟ ගොස් එම වදකාගාර නිරීක්ෂණය කළ බවයි. එමවිශේෂඥ කණ්ඩායමේ ප්රධානී බර්නාඞ් ඩුහේම් එහිදී වැඩිදුරටත් ප්රකාශ කළේ එම භූගත සිරකඳවුරුවල දීර්ඝ කාලයක් පුරා පැහැරගත්ත වුන් විශාල ප්රමාණයක් සිරගත කර තබා තිබූ බවට සාක්ෂි හමු වූ බවයි. එදා එම ප්රකාශය බැහැර කරමින් රජයේ ආරක්ෂක අංශ ප්රකාශ කළේ අදාළ තරුණයින් 11දෙනා පමණක් එහි රඳවා සිටි බවයි.එම ජාත්යන්තර නිරීක්ෂකයන් කරන ප්රකාශ සත්ය නොවන බවද එහිදී වැඩි දුරටත් රාජ්ය ආරක්ෂක අංශ ප්රකාශ කරන ලදී.

සාක්ෂිකරුවන්ට බොරු චෝදනා මේ අතර මෙම පැහැර ගැනීම්, කප්පම් ලබා ගැනීම්, මිනිස් ජාවාරම් සහ ඝාතනය කිරීම පිළිබඳව සාක්ෂි ලබා දෙමින් සිටින සාක්ෂිකරුවන්ට විවිධ චෝදනා එල්ල කරමින් නාවික හමුදාවේ අභ්යන්තර පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර ඞී.කේ.පී දසනායක සහ හිටපු නාවික හමුදාපතිවරුන්ගේ මැදිහත් වීම් මත මෙකී බලපෑම් එල්ල වන්නට විය. එයට මූලික හේතුව ලෙස මෙම කප්පම් ගැනීම් සහ ඝාතන සියල්ලටම නාවික හමුදාවේ එම නිලයන්ට ඍජුව චෝදනා එල්ල වීමත්, සාක්ෂ්යකරුවන් ඔවුන්ට විරුද්ධව සාක්ෂ්ය ලබා දීමත් මූලික වී තිබේ. ඒ අනුව මෙම පරීක්ෂණ සම්බන්ධව ඇසින් දුටු සාක්ෂි ලබා දුන් ප්රධානතම බුද්ධි මාණ්ඩලික නිලධාරියා වූ ලූතිනන් කොමදෝරු කේ.සී වෙලගෙදර නිලධාරියාට දින 17ක විදේශ නිවාඩුවක් ලබා නොදී කටයුතු කර බොරු චෝදනා නගා තිබේ.මාස 19ක් පුරා අභ්යන්තර පරීක්ෂණ සිදු කරන බව කියමින් ඔහුට නිවාඩු ලබා නොදී නාවික හමුදාවේ ඉහළ සිටින චූදිත නිලධාරීන් කටයුතු කර තිබේ.අවසන ඔහු විදේශ ගත වී තම ප්රධාන නිලධාරියාට නැවත එන බව දන්වා 2016.03.24 දින රටින් පිට වී ඇති අතර නැවත පැමිණීමේ දී නාවික හමුදාව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන නාවික හමුදා අත්අඩංගුවේ තබාගෙන ඇත.

නව ජනාධිපතිවරයාට රහාස්ය ලිපියක් පසුව එම නිලධාරියා විසින් ඔහුට බොරු චෝදනා නගා ඔහුව නාවික හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්,ඉන්පසුව ඔහුව ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බවත් ඔහු 2016.07.16 වැනිදා මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රහස්ය ලිපියක් මගින් දන්වා තිබේ. එහිදී ඔහුට විරුද්ධව චෝදනා
නගා නාවික හමුදාවෙන් ඉවත් කර තමාව ඝාතනය කිරීමට අදාළ චූදිත පාර්ශ්ව කටයුතු කරනු ඇති බවත්, අදාළ නාවික හමුදා යුද අධිකරණය නීති විරෝධී එකක් බව ද ප්රකාශ කරමින් සේනාධිනායකවරයා වන ජනාධිපතිවරයාට එමඟින් අභියාචනා කර ඇත. එහිදී යුද අධිකරණයේ ප්රධානියා වූ අධි නීතීඥ රියර් අද්මිරාල් ශවේන්ද්ර ප්රනාන්දුට එරෙහිව මූලික විරෝධතා 4ක් ගොනුව තිබියදීත් මෙම නඩුව ඒකමතිකව කරගෙන යෑම පිළිබඳව එහිදී අභියාචනා කර ඇත. ඒ වන විටත් නීත්යානුකූල නොවන යුදාධිකරණය විසින් අදාල නිලධාරියාගේ ජ්යෙෂ්ඨත්වය පහත දමා දඬුවම් පනවා තිබුණි. තොරතුරු පැහැර ගැනීම මෙම ඝාතනවලට ඇසින් දුටු සාක්ෂ්ය සැපයූ ලුතිනන් කොමදෝරු කේ.සී වෙලගෙදර මාන්ඩලික බුද්ධි නිලධාරියා සතුව පැහැර ගැනීම්, ඝාතන සහ කප්පම් ලබා ගැනීම් වලට අමතරව ඕස්ට්රේලියා බලා යන නීති විරෝධී බෝට්ටු සම්බන්ධවත්, අවි ජාවරම් සහ අනීතික ක්රියාකාරකම්වලට සම්බන්ධ නාවික හමුදා ප්රධානීන් හා දේශපාලඥයන් ගේ තොරතුරු එම නිලධාරියා ගේ නිල කාමරය බිඳ ලබාගෙන තිබුණේ ඉකුත් අප්රේල් මස 29 වැනිදා ය. ඔහුට විරුද්ධව නාවික හමුදාවේ චූදිත ඉහළ නිලයන් විසින් යුද අධිකරණ ක්රියාවලිය යන අතරතුර ත්රිකුණාමලය නාවික කඳවුරේ තිබූ මෙම ලිපි ලේඛන අස්ථානගත කිරීමට කටයුතු කර තිබුණි. විශ්වාසන්ත තොරතුරු වලට අනුව ඊට පෙර එම බුද්ධි නිලධාරියා විසින් එම තොරතුරු මධ්යම බුද්ධි අංශය වෙත සහ අදාළ ආයතන වෙත ලබා දී තිබී ඇත.

මේ පිළිබඳව 2016.07.31 ‘ඉරුදින’ වාර්තා කළ අතර, ඊට පෙර පසුගිය ජුනි මස 5 වැනිදා ‘‘නාවික හමුදා සාක්කිකරුවෙකු ඝාතනය කිරීමේ උත්සාහයක්” යන මැයෙන් ද ජුනි 26 වැනිදා ”සුදු වෑන් සාක්කිකරුට තද නීතියක්”යන මැයෙන් ද මේ පිළිබඳව හෙළිදරව් කරන ලදී. කෙසේ වෙතත් ඉකුත් සති අන්තයේ දී ජනාධිපතිවරයා විසින් එම බුද්ධි නිලධාරියාට ලබා දී තිබූ යුද අධිකරණ තීන්දුව බල රහිත කර තිබේ. නීතිය රකින උදවිය අපරාධ කිරීම පසුගිය වකවානුව යනු අනීතිය සහ මනුෂ්ය ඝාතන සම්බන්ධව මෙරට ඉතිහාසයේ ඛේදනීයම වකවානුව ලෙස හැඳින්විය හැක. වංචා හා දූෂණ චෝදනා සහිත නව පාලනය තුළ දැනට මනුෂ්ය ඝාතන සහ අපරාධ පිළිබඳව ඉඟි පළව නැතත්, ඒ මොහොත දේශපාලන බලය ඉදිරියේ පහළ වන අවස්ථාව අවිනිශ්චිත ය. මේ ක්රමය තුළ යහපාලනය ද අනාගතයේ ඝාතන සිදුනොකරාවි යැයි කැට තැබිය නොහැක.

රාජපක්ෂවරු සහ ඒ පවුල වටා ගොඩ නැගුණු ඝාතන සංස්කෘතියේ රටාව සහ විධික්රම පිළිබඳව හොඳින් බලන්නෙකුට ඒ බව පැහැදිලි වනු ඇත. ඒ ඝාතන ලැයිස්තු ප්රමාණය සහ ඊටම ඈඳුණු අනෙකුත් අපරාධ ප්රමාණය ගණනය කළ නොහැකි තරම් ය. ඒ තුළ එම පාලනය සහ එම පාලන යාන්ත්රණයේ ඉහළ කාරකාදීන් ගේ අනුබලය ගෙන රාජ්ය ව්යුහයේම නිලධාරීන් අමු අමුවේ මනුෂ්ය ඝාතන සිදු කළේ එදා රාජපක්ෂවරුන් ඒවා ආරක්ෂා කරන බව නිට්ටාවට දත්නි සා ය. මේ වන විට හෙළිව ඇති ඝාතන කොන්ත්රාත් සියල්ලම එකම තැනක නතර වන්නේ ද රාජපක්ෂවරු තම බලය කේවල් කරමින් නැවත බලය ලබා ගන්නා ඉඟි පළ කරමින් රජයේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් මෙන්ම කලින් අපරාධ කළවුන් හට නිහඬව සිටීමටත් අනුබල දෙමින් ය.

එකී ඝාතන සහ අපරාධ පරීක්ෂණ නව ආණ්ඩුව විසින් ද කල් මරමින් සහ මඟ හරිමින් බලය ලබා ගැනීමට පමණක් භාවිතා කළ උපකරණ සේ ඉවත දමන්නේ බල දේශපාලන ක්රීඩාවේ ඔවුන් ද යෙදෙමින් ඇති නිසා නොවේ ද? අපරාධ වරදක් යනු හුදෙක් පුද්ගලයාගෙන් පුද්ගලයාට නොව සමස්ත සමාජයට වන වරදක් නම් පුද්ගලික කෝන්තර මත වේවා, පුද්ගලික ලාබ ප්රයෝජන මත වේවා කප්පම් සඳහා දෙමළ තරුණයන් ඝාතනය කළ නාවික හමුදාවේ අපරාධ වේවා,දේශපාලන තීන්දු තීරණ වේවා ඒවාට නීතිය ක්රියාත්මක විය යුතුය.එසේ නොවේ නම් මහජනතාව තම මනුෂ්ය වර්ගයාට සිදු වූ මෙකී බරපතළ අපරාධ පිළිබඳව අඩුම තරමේ තොරතුරු හෝ දැන ගත යුතු ය. මෙරට දහස් ගණනක් වූ මනුෂ්ය ඝාතන අතරින් තරුණයන් 11 දෙනෙකු ඇතුළු 28 දෙනෙකුට ආසන්න ප්රමාණයක් කප්පම් සහ ජාවරම් සඳහා රජයේ නිල යාන්ත්රණ විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ වටපිටාවක, ඒවා පිළිබඳව රාජ්ය බුද්ධි අංශය සහ එවකට සිටි ජනාධිපතිවරයා හා අරක්ෂක ලේකම්වරයා දැනුවත්ව නිහඬව සිටි වටපිටාවක වසර 7ක් ඉක්ම යන අද දවසේ හෝ අපරාධකරුවන් සියල්ලට නීතිය ක්රියාත්මක විය යුතු ය. සාක්ෂ්ය සහිතව ඔප්පු වී ඇති මෙකී ඝාතන සිද්ධීන් අරබයා හුදු ඊනියා ජාතික ආරක්ෂාව හෝ බුද්ධි අංශ පාවා දීම යන සටන් පාඨවලින් මිදී මහජනතාව නීතිය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය.

උපුටා ගැනීම : ඉරුදින කසුන් පුස්සෙවෙල
2016 අගෝස්තු මස 14 වැනි ඉරිදා

 

කොමදෝරු ඩී.කේ .පී. දසනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ…

කොමදෝරු ඩී.කේ .පී. දසනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා කළ පැමිණිල්ලක දීර්ඝ විමර්ශනයකින් පසුව බව පොලිසිය පවසයි …

Posted by ජාතික රූපවාහිනිය – Sri Lanka Rupavahini (TV) Corporation on Sunday, July 16, 2017

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *