යාපනය ප්රදේශයේ පසුගිය දිනවල රාත්රී කාලයේ පොලිස් ආරක්ෂාව තරකර තිබෙන අවස්ථාවක, රාත්රී කාලයේ පහරදීමේ සිද්ධින් සිදුවෙමින් පවතියි.
යාපනය ප්රදේශයේ ආයුද සන්නද්ධ පොලිස් කණ්ඩායම් ප්රධාන මාර්ගවල හා හංදිවල ආරක්ෂක කටයුතුවල නිරතව සිටියි. එම මාර්ගවලින් ගමන් ගන්නා වාහන සෝදිසි කිරීම ඇතුළු මුර සංචාර කටයුතුවල ද නිරතවේ.
මෙලෙස පොලිස් ආරක්ෂාව යොදා තිබෙන නමුත්, ප්රදේශයේ රාත්රී කාලයේ වෙඩි තැබීම්, කඩු ප්රහාර, සහ නිවසට ඇතුල්වී පහරදීමේ සිද්ධීන් ඉහළ ගොස් තිබේ. පසුගිය 3 වනදා යාපනය ස්ටෑලින් මාර්ගයේ පිහිටි අවන්හලකට ඇතුල්වූ මැර කල්ලියක් විසින් එහි සිටි තිදෙනෙකුව කඩුවලින් පහරදී පලා ගොස් තිබුණි.
පසුගිය 5වනදා අළුයම යාපනය රෝහල් මාර්ගයේ පිහිටි නිවසකට ඇතුල්වූ පිරිසක් එහි තිබූ ත්රීරොද රථයකට හා යතුරු පැදියකට ගිනි තබා පලා ගොස් තිබුණි. මේ අතර, පසුගිය 6 වනදා අළුයම යාපනය පිරම්බඩි ප්රදේශයේ නිවසකට නාඳුනන පිරිසක් විසින් වෙඩි ප්රහාරයක් එල්ල කර පලා ගොස් තිබේ.
පසුගිය කාලයේ යාපනයේ අඩුවී තිබු කඩු ප්රහාර, කල්ලි ගැටුම් සහ පහරදීමේ සිද්ධින් යළි ආරම්භවී තිබේ. ඒ අතර, පොලිස් ආරක්ෂාව ද තරකර තිබේ. මේ හේතුවෙන් ප්රදේශවාසීන් අතර යළි භිතිසහගත තත්වයක් ඇතිව තිබේ. නම සඳහන් කිරීමට ඇකමැති යපනයේ අප හිතවතකු පවසා සිටියේ බොහෝවිට හමුදාවේ හෝ පොලීස්යේ ඇතැම් පිරිස්වල සහය ලබන කණ්ඩායමක් මෙලෙස හැසිරීමට ලඟකදී සිට පටන්ගෙන ඇති බවයි.
සටනහ : වසන්ත බංඩාර