අපරාධසාමාන්‍ය

අතුරදන් කිරීමට අපරාධයක් ලෙස ප්‍රකාශ කරන්නැයි ඉල්ලීමක්..

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම අපරාධ ක්‍රියාවක් බව ප්‍රකාශ කරන ලෙස ජාත්‍යන්තර ක්‍ෂ්මා සභාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවතුල බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධීන් නීතිමය වශයෙන් අපරාධ ක්‍රියාවක් ලෙස මෙතෙක් පිළිගෙන නොමැතිවීම විශේෂත්වයකි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේදී ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය යටතේ සම්මත කරන ලද කෙටුම්පතදී, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සම්බන්‍ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බවට සහතික වූ බව ජාත්‍යන්තර ක්‍ෂ්මා සභාව පෙන්වාදී තිබේ.

1995 වසරේ සිට ශ්‍රී ලංකාව තුල බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සම්බන්‍ධයෙන් පැමිණිළි 65 දාහක් ඉදිරිපත් කර ඇති බවත්, අතුරුදන්වූවන්ට සිදුවුයේ කුමක්දැයි දැන ගැනීමට ඔවුන්ගේ ඥාතීන් උනන්දුවෙන් සිටින බවද වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *