මොණරගල කන්ද ඈතින් බලාගෙන හිඳියි. මෑතින් සිනහ කටින් සැරසී ඌවේ මහඇමතිතුමා බෝඞ් ලෑල්ලක සිට අප දෙස බලාගෙන සිටියි. ඊට යටින් ‘අපි හදමු නව ඌව වෙල්ලස්සක්’ කියලා ලොකු අකුරින් ලියා තිබේ. ‘මේ වාක්‍යය අපි හැදෙමු ඌව වෙල්ලස්සෙන් කියලා වෙනස් වෙන්න ඕනෑ මහත්තයෝ.’ ඒ නගරයේ ගැමියකුගේ හඩය. අපි මොනරාගල නගර මධ්‍යයට කිලෝමීටරයකවත් දුරක් නැති කුමාරදොළ වතුයායට ගියෙමු.
‘මම මේ වත්තට කරකාරෙ ආවේ 1956 අවුරුද්දේ. මගේ මිනිහා ඊටත් කලින් ඉඳලා මේ වත්තේ තමයි වැඩ කළේ. දැන් කොච්චර කාලයක් වෙනවාද? මේ ළ`ගකදී මගේ වැසිකිළි වළත් ප‍්‍රාදේශීය සභාවෙන් ඩෝසර් කළා. එයාලා කියන්නේ අපි ඉන්න ඉඩම් අපිට අයිති නැහැ කියලා.’ මේ වී.ජී. ජයන්ති මහත්මියගේ හඩය. ජයන්ති මහත්මිය මෙන්ම වත්තේ පදිංචි සිංහල දමිළ සියල්ලෝම නොසන්සුන්ය. ඒ ඇයි?
ප‍්‍රාදේශීය සභාවේ ලොක්කෝ ඉඩම් බෙදාගෙන
‘‘මගේ ආච්චිලා සීයලා, අම්මලා, තාත්තලා සේරම මේ වත්තේ තමයි. ගෙවල් නැති අය ඉඩම් නැති අය ගොඩක් ඉන්නවා. මේ කාටවත් ඔප්පු නැහැ. අපිට මෙහෙ පදිංචිය ඔප්පු කරන්න තියෙන්නේ ඡුන්ද නාමලේඛනයයි ග‍්‍රාමසේවක සහතිකයයි විතරයි. වත්තෙන් අක්කර 5ක් දීලා තියෙනවා අපට දෙන්න කියලා. ඒත් දැන් අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ ඒකෙන් පර්චස් 12 ගානේ විතර වගේ ප‍්‍රදේශීය සභාවේ සන්ධාන ලොක්කෝ බෙදාගෙන කියලා.’’ මේ හ`ඩ අනූෂා වීරසිංහගේය. කුමාරදොළ වත්තේ ගලඋඩ කොටස සහ පන්සල් වත්ත කොටස තුළ දැනට පවුල් 150ක් පමණ ජීවත් වෙන අතර මෙයින් අතිබහුතරය මොනරාගල නගරයෙහි රැුකියාව කරන දුප්පතුන්ය. දැන් දැන් ඔවුන්ගේ නිවාස ඉදිරියෙන් මැනුම්කටයුතු සිදුකරන අතර තැනින් තැන ඩෝසර් යන්ත‍්‍ර මගින් පාරවල් තනා ඇති අයුරක් ද නිරීක්ෂණය කළ හැක. දැනගන්නට තිබෙන ලෙස මෙම ඉඩම් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට අයත්ය. ඔවුන් අක්කර 5ක කොටසක් කට්ටි කර දේශපාලන හිතවතුන් සහ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සභාවේ උසස් නිලධාරීන්ට හිතුමනාපයට බෙදා ඇති බව ද වාර්තා වෙන අතර එලෙස බෙදා දෙන ලද කොටස්වලට හසුවන දුප්පතුන්ට ඔවුන්ගේ නිවාසවලින් ඉවත් වන්නැයි ද දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
මේ ඉඩම මම ඉල්ලූවා.
මොනරාගල නගරයට සැතපුම් කාලක පමණ දුරකින් පිහිටි ඉහළ වටිනාකමක් සහිත මෙම භූමිය එහි අතීත උරුමකරුවන් සිටියදී දේශපාලන හිතවතුන්ට බෙදා දෙන්නේ කෙලෙසකදැයි මොනරාගල හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පද්ම උදයකාන්ත ගුණසේකර මහතාගෙන් විමසීමේදී ඒ මහතා සඳහන් කළේ ඉඩකඩම් නොමැතිව සහ නිවාස නොමැතිව සිටින කුමාරදොළ වතුයායේ සිංහල දෙමළ දුප්පතුන්ට නිවාස ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා තමන් අදාළ බලධරයන්ගෙන් මෙම ඉඩම් කැබැල්ල ඉල්ලූවද එය නොලැබුණු බවය. එහෙත් දැන් තිබෙන තත්ත්වය අනුව පෙනීයන්නේ මෙම ඉඩම් ප‍්‍රාදේශීය සභාවේ ඇතැම් මන්තී‍්‍රවරුන් බෙදාගෙන ඇති බවයැ’යි ප‍්‍රකාශ කරන ඒ මහතා එය අදාළ ප‍්‍රදේශයේ දුප්පතුුන්ට කළ බලවත් අසාධාරණයක් බව ද සඳහන් කළේය.
නිවාස සංවර්ධන අධිකාරියේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂවරයකු මෙන්ම සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභිකයකු වන ඒ මහතා තවදුරටත් කියා සිටියේ අදාළ ඉඩම් නැවත එහි නියම උරුමකරුවන්ට හිමි විය යුතු බවය.
කම්මලේ අජිත්ගේ කතාව
‘මේ කම්මල තමයි සුද්දා වත්තේ වැඩට හදපු කම්මල. මම මෙතන අවුරුදු 30ක ඉඳලා වැඩකරනවා. මෙතෙක් පිට වැඩ තමයි කරන්නේ. මගේ තාත්තා මේ කම්මලේ වැඩට ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 14දී. මේ සම්පූර්ණ ඉඩමේ පර්චස් 99ක් තියෙනවා. අපි සහෝදරයෝ තුන් දෙනෙක් ඉන්නවා. දැන් අපිට පර්චස් 12ක් ද කොහේද දෙනවාය කියනවා. මේ සේරම කතාව විතරයි. ඇත්ත දන්නේ නිලධාරියි දෙවියොයි විතරයි. එල්.ආර්.ඞී එක මේක විකුණලා කියලා තමයි කියන්නේ. එතකොට එයාලා. විකුණලා තියෙන්නේ අපිවත් එක්ක. ඇමතිතුමිය, එයාගේ පුතා මේකට සම්බන්ධයි කියනවා. ඒ නිසා මිනිස්සු කතා කරන්න බයයි.’
ඉඩම් කොමිෂන් සභාවට එලෙස ඉඩම් විකිණිය හැකිද? වතු ජනසතු කළ පසු ඇතිවූ ජනවසම විසින් තමන්ගේ වතුයායේ සිටින ශ‍්‍රමිකයන්ට බෙදා දීමට පැවරූ මෙම ඉඩම් මෙලෙස විකිණිය හැකිද?
තොරතුරු දෙන්න බෑ
මොනරාගල කුමාරදොළ වතුයායේ මෙම ඉඩම් බෙදීම සම්බන්ධව කරුණු විමසීම සඳහා රාවය ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ මොනරාගල අධ්‍යක්ෂවරයා වන හේරත් ජයසේකර මහතාගෙන් කරුණු විමසූ අතර ඔහු පැවසුවේ මාධ්‍යයට තොරතුරු ලබා දිය නොහැකි බවය. පසුව මොනරාගල ප‍්‍රාදේශීය සභාවට ඇමතූ අතර එහි සභාපති ආර්.එම්.රත්නවීර මහතා ප‍්‍රකාශ කළේ ඉඩම් කොමිසම සතු මෙම ඉඩම අදාළ කොමිසම විසින් පර්චසය රුපියල් 80,000ක වටිනාකමින් විකුණා ඇති බවය. ඉහත විකිණීමේ කටයුතු සඳහා පුද්ගලයන් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. අදාළ ඉඩම් කට්ටි ආශි‍්‍රත ප‍්‍රදේශයේ මාර්ග සංවර්ධනය සඳහා තමන් ඩෝසර් යන්ත‍්‍ර සැපයුවත් එහි සීමාමායිම් තුළ පවත්නා ගැටලූ නිසා එම කටයුතු තාවකාලිකව නතර කළ බව ද ඔහු සඳහන් කළේය.
අපූරු ඉඩම් විකිණීම
වාර්තා වන අන්දමට මෙම ඉඩම් බෙදිල්ල මෙන්ම විකිණීම ද අපූරුය. ඉඩමේ සීමාමායිම් තවමත් මැන නොමැති තත්ත්වය තුළ සහ ඉඩම් කැබලි කර නැති තත්ත්වය තුළ ඉඩම් විකුණන ශාස්ත‍්‍රය දන්නේ මොනරාගල ඉඩම් ප‍්‍රතිසංස්කරණ කාර්යාලය සහ මොනරාගල ප‍්‍රාදේශීය සභාව පමණි. දැනගන්නට තිබෙන තොරතුරු අනුව ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් රැුසක් තම තමන්ගේ නෑ හිතවතුන් මගින් මෙම ඉඩම් ලබාගෙන ඇත. එලෙස ගත් එක් මන්තී‍්‍රවරයෙකු ඔහුට අයිිති කොටස මේ වන විට ලක්ෂ 30ක මුදලකට විකුණා ඇති බව ද වාර්තා වෙයි. එනිසා මේසා විශාල මුදලකට ස්ථිරව තැන මෙතන’යි කියා කිව නොහැකි ඉඩමක් විකිණීම මෙන්ම එය මිලදී ගැනීම ද ආශ්චර්යයක්මය. දැන් දැන් තම තමන්ගේ කොටස බෙදාහදා ගන්නට ගිය විට එම කැබැල්ල තුළ ඇති පාරම්පරික ජීවත්වන අහිංසකයකුගේ ගෙයක් කඩන එක අරුමයක් නොවන අතර එලෙස හසුවන අවුරුදු 30කට වැඩි පදිංචියක් ඇත්තවුන් බලහත්කාරකමින් පිටමං කිරීමට කතා කිරීමත් නීතියක් යුක්තියක් තිබෙන රටකනම් අරුමයක් නොවන්නේද?
ඌවේ නීතිය
‘ඌවේ දැන් පවත්නා නීතිය පොඩි මිනිස්සු තලලා දාලා දේශපාලකයෝ හරි හම්බු කර ගන්න එක. ජේ.ලෝන් රක්ෂිතයේ ගස් කපලා විකුණ ගත්තේ කවුද? මේ වත්තෙම ගිනිසිඩියා විදුලිබල නිෂ්පාදන ආයතනයකට අක්කර 50ක් දුන්නා. දැන් ගොඩනැගිලි එක්කම පාළුවට ගිහිල්ලා. මේ වත්තේ තියෙන බෝගහ ලැයිමට යන්න, අවුරුදු 100කට වඩා පරණයි. මේ මිනිස්සු ජීවත් වෙන විදිහ බලන්න. ගල උඩ කොටසට යන්න. වැඩිහරියක් අසරණ දෙමළ අය. යනඑන මං නැහැ. එදා ඉඳලා මේ වත්තට තමයි කැඹුරුවේ. අද පිට ඉඳලා ආපු දේශපාලකයෝ කෝටිපතියෝ මේ මිනිස්සුන්ගේ ඉඩම් හොරාට අරගෙන දැන් බෙදාගන්න බැරුව දගලනවා. මගේ නම දැම්මොත් මාව හෙට මරලා දායි. ඒවගේ තත්ත්වයක් මහත්තයෝ මොනරාගල තියෙන්නේ. මිනිස්සු කතා කරන්න බයයි.’
මේ හැදෙන නව ඌව වෙල්ලස්සෙන් පීඩාවට පත් පොදුජනයාගේ හඩය. ළග ළග ඡුන්දයක් නිසා තාවකාලිකව ඉඩම් බෙදාහදා ගැනීම නතර විය හැකිය. එහෙත් ප‍්‍රශ්නය විසඳී මෙහි වෙසෙන දුප්පතුන්ට සැනසුමේ දිවි ගෙවන්නට අවකාශයක් තැනෙන තත්ත්වයක්ද පෙනෙන්නට නැත. මේ සියලූ ජනතා විරෝධතා සමනය සඳහා දැන් දැන් උදලූතල වැනි කෘෂි උපකරණ දහස් ගණනින් ඉදිරියේදී දුප්පතුන්ට බෙදා දෙන්නට සූදානම් කර ඇති බවද දැන ගන්නට ඇත. ඒ කලට ජනතාවටද මේ ප‍්‍රශ්න අමතකව යා හැකිය. ඒ ලංකාවේ හැටිය.
කේ. සංජීව
උපුටාගැනීම රාවයෙන්