උපුටාගැනීම්පුවතකට වැඩි යමක්සාමාන්‍ය

යුද්ධයේ වියදම ඩොලර් බිලියන 200

වසර 30ක කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ වියදම ඩොලර් බිලියන 200 අධික බව ඉන්දීය හිටපු ආරක්ෂක උපදේශක මෙන්ම හිටපු විදේශ ලේකම් ශිවශංකර් මෙනන් සඳහන් කර ඇතැයි ‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත්සේවය වාර්තා කරයි.
ඔහුගේ නවතම ග්‍රන්ථය වන ‘චොයිසස් ඉන්සයිඩ් ද මේකින් ඔෆ් ඉන්දියාස් ෆොරීන් පොලිසි‘ ග්‍රන්ථයේ මෙය සඳහන් වෙතියි කියති.

එම පිරිවැය තුළ ආවස්ථික පිරිවැය ඇතුළත් නොවන බවත් හිටපු ආරක්ෂක උපදේශකවරයා සඳහන් කරයි.

1983 වසරේ පටන් 2009 දක්වා පැවති යුද්ධයේදී ජීවිත 80,000-100,000ක් අතර ගණනක් අහිමිව තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි. යුද්ධයේ අවසන් කාලයේදී පමණක් පුද්ලගයින් 300, 000කට අධික ප්‍රමාණයක් අවතැන් වූ බවත් උතුරු නැගෙනහිර වළදමා ඇති බිම්බෝම්බ ප්‍රමාණය ලක්ෂ 16ක් පමණ වන බවත් ශිවශංකර් මෙනන් කියයි.

ඔහු සිය ග්‍රන්ථයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ගැටුම් පැවති කාලයේදී එල්ටීටීඊ නායක ප්‍රභාකරන් සිය ලාංකික දෙමළ ප්‍රජාව ඉතාම කෲර හා සාහසික ලෙසින් අතහැර දමා ගිය බවය. එසේම රටින් පිටව ගිය ඩයස්පෝරා සහ සරණාගත ප්‍රජාව විසින් සපයන සහනාධාර ඇතුළු විදේශ ආධාර තම ජීවිතකාලයම සුඛිත මුදිත කරනු යාපනයේ දෙමළ පදිංචිකරුවන් හැම විමටම සිතූ බවත් නමුත් සිදු වූයේ එල්ටීටීඊ නායකයා සහ ඔහුගේ සහචරයින් පමණක් ඉන් සිය ජීවිත දියුණු කර ගැනීම පමණක් බව ශිව ශංකර් මෙනන් සිය ග්‍රන්ථයෙන් පෙන්වා දේ.

උපුටාගත්තේ  SLG

Leave a Reply

Your email address will not be published. Required fields are marked *