රටක බුද්ධි අංශය වැදගත් වන්නේ දේශපාලන ප්‍රතිවාදියා මරාදැමීමට, ප්‍රගිතිසිලී පිරිස අතුගා දැමීමට හෝ රටේ ජනතාවගේ රුහිරය උරාබීමට නොවේ. එය වැදගත් වන්නේ රාජ්‍යය ප්‍රතිපත්තිමය වශයෙන් නිවැරදි මාවතකට රැගෙන ඒම උදෙසාය. ඊට අවශ්‍යය සම්පත් සහ ධනය මෙන්ම දැනුම ලබාදීම නායකත්වය ප්‍රතිපත්තිමය වශයෙන් ලබාගත යුතු තීන්දු වේ. ඒ වෙනුවට “එහෙයි” කියන එහෙයියන් පත්කරගෙන තම ස්ව ආස්වාදය තමන්ගේ කූඩුව තුළ ලබා ගනිමින් විනෝද විය හැකිය.එම විනෝදයේ අවසානය සෑම විටම ඛේදවාචකයක් වේ.
මෙම ලිපිය සත්හඬ පුවත්පතේ ජනවාරි 15 වැනිදා කලාපයේ පළමුවෙන් මුද්‍රණය විය
නිලන්ත ඉලංගමුව
පසුගිය වසරේ අවාසාන මාසයේ මුල් සතියේදී පකිස්තානයේ ආරක්‍ෂක අංශ තුළ විශාල වෙනසක් සිදු කරනු ලැබීය. ඒ නව හමුදාපති ලෙස ජෙනෙරාල් ජාවෙඩ් බජ්වා පත්වීමත් සමඟය. තම ධූරයට පත් වී දින කිහිපයක් ඇතුළත ඔහු එරට රාජ්‍යය බුද්ධි අංශය වන අභ්‍යන්තර සේවා බුද්ධි අංශයේ ( අයි. එස්. අයි.) ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනෙරාල් නවීඩ් මුඛ්තර් පත් කළ අතර හෙතම අග්‍රාමාත්‍යය නාවස් ෂරීෆ් හට සම්ප්‍රදායානුකූලව සිදු කරන මූලික පැහැදිළි කිරීම් ඉන්පසුව සිදු කරනු ලැබීය. එහිදී අගමැතිවරයා අයි.එස්.අයි. සේවය අගය කරමින් කියා සිටියේ එය රටේ ඉදිරි ආරක්‍ෂක වළල්ල නියෝජනය කරන බවයි. එසේම නවීඩ් එහිදී ඉදිරිපත්කළ මූලික අදහස වූයේ රටේ ප්‍රධාන බුද්ධි අංශය වන අයි.එස්. අයි. වෙත නව ජාතික සැලැස්මක් ඉදිරිපත් කොට එය වඩාත් ක්‍රමෝපායික ආයතනයක් බවට පත් කිරීමට තමන් කටයුතු කරන බවයි. අයි.එස්. අයි, බරපතළ වැරදි සිදුකොට තිබේ. නමුත් මෙම ආයතනය ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් හැදෑරීම සඳහා ඇති එක් ප්‍රධාන නිදසුනකි.
අයි.එස්. අයි. හී ප්‍රධාන වෙනස් වීමෙන් පසු එහි ප්‍රත්පත්තිමය සහ මෙහෙයුම් වලට අදාළව තීරණය ගන්නා ඉහළ පෙළේ සාමාජිකයින් කිහිපදෙනෙකු ඉන් පසු ආසියාවේ ක්‍රමෝපායික වශයෙන් ඉතාම වැදගත් රටවල් රාශියක සංචාරය කරනු ලැබීය. චීනය, මැලේසියාව, හොං කොං, සිංගප්පුරුව සහ තායිලන්තය මෙන්ම දකුණු ආසියාවේ රටවල් කිහිපයක්ද ඒ අතර මූලික තෝරා ගැනීම බවට පත්විය. මෙය නව වසරේ පකිස්තාන රාජ්‍යය බුද්ධි අංශයේ කටයුතු මූලික වශයෙන් කේන්ද්‍ර ගත වන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සරල අවබෝධයක් ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් යැයි සිතේ. එසේම, රාජ්‍යය ප්‍රතිපත්ති ඔස්සේ මෙහෙවන බුද්ධි අංශයක වැදගත්කම සහ ඊට දේශපාලන නායකත්වය ලබාදෙන ප්‍රතිපත්තිමය මැදිහත්වීම ඕනෑම රටක ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීමට මෙන්ම එම රට සතුරු උපද්‍රව වලින් වළක්වා ගැනීම සඳහා ඉතාම වැදගත් වේ.
ලොක්කා වෙනස් වූ පකිස්තානයේ අයි. එස්. අයි.
මේ වන විට පකිස්තානය, චීනය සහ රුසියාව එකතු වී ආසියානු සහශ්‍රකය තම නායකත්වය යටතේ නිර්මාණය කිරීමට වෙරදරණ ආකාරය මෙන්ම ඊට අවශ්‍යය භූමිය ක්‍රමිකව නිතීමය වශයෙන් තම අණසකට යටත් කර ගැනීමට කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. පකිස්තානය භූ-දේශපාලනික කෙන්ද්‍රස්ථානයක් ලෙස, රුසියාව ජගත් දේශපාලනයේ මූලික විකප්ලය ලෙස, සහ චීනය වෙළඳපොලේ ආක්‍රමණිකයා ලෙස කටයුතු කරන ආකාරය ගෙවී ගිය වසර කිහිපය පුරාම දැකගත හැකි වූ මූලික කාරණයකි. චීනය මුහුණ දෙන මූලික අභියෝගය වන්නේ බුද්ධිමය දේපළ රැකීමට අසමත් වීම සහ තමන් විසින් කරන විශාල නිෂ්පාදන වල ඇති ගුණය දියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙනි. එසේම, ඉන්දියාව වැනි රටක් කාලාන්තරයක් තිස්සේ ඇමෙරිකානු වුවමණාවන් යටතේ මෙහෙයවනු ලැබූ ඇෆ්ගනිස්ථානය වැනි රටක සෙවණැලි බලය තමන් අතට ගැනීම සඳහා මෙම රාජ්‍යය ත්‍රිත්වය කටයුතු කිරීම නිරීක්ෂණය කළ හැකි වඩාත් වැදගත් කාරණයකි. මෙම මූලික ප්‍රවණතාවය ඔස්සේ, ශ්‍රී ලංකාවට ඉගෙන ගැනීමට ඇති පාඩම් බොහොමයක් තිබේ. එනයින් බලන කළ මාගම්පුර චීන ආයෝජනය ක්‍රමෝපායික දේශපාලනික තීන්දුවකි.
රටට නව නායකත්වය බලයට පත් වී වසර දෙකක් සම්පූරණ වී තිබේ. ආගමික වතාවත් මෙන්ම බෝ මලු පාමුල සිදුකරණ ආමිස සහ ප්‍රත්පත්ති පූජා ඔස්සේ පිං රාශියක් එකතු කරගන්නා අතර දේශපාලනික වශයෙන් ස්වාධීන විවෙච්නයක්ද අවශ්‍යය වී තිබේ.මන්ද, සිවිල් සමාජය සහ ජනමාධ්‍යය අතර විශාල වෙනස්කම් සිදු වූ නමුත් රටේ සැබෑ පරිපාලනමය ක්‍රමවේදය වෙනස් කිරීමට හෝ පැවති පරිපාලනය කළ මූලික වැරදි හෝ අගතිපාලන කටයුතු වලින් මිදීමට සමත් වී ඇතැයි කිව නොහැකි නිසාය. විශේෂයෙන් හුදු මාධ්‍යය සංදර්ශන පැවැත්වීම මෙන්ම එකිනෙකට වෙනස් “ප්‍රතිපත්තිමය” අදහස් ආණ්ඩුවේ මතය ලෙස ජනතාවට සහ ලෝකයට දැනුම් දීමෙන් නොගැලපෙන දීගයක් කමින් සිටින බව සනාථ වේ. එසේම, රටේ සෑම ගැටලුවක්ම ආර්ථිකමය වශයෙන් ගෙන ඒවා මුදලට පමණක් ලඝු කිරීමෙන් විසඳිය නොහැකි බව ඉතාම පැහැදිලි කාරණයකි. මෙහි ඇති වඩාත් අනුවේදනීය කාරණය වන්නේ ආර්ථිකමය කාරණා හමුවේ මහබැංකුවේ අධිපති කුමාරස්වාමි වැනි විද්වතුන් ඉදිරිපත් කරණ අදහස් කෛරාටක දේශපාලනඥයින් හමුවේ දියවී යෑමය. මෙම මූලික ප්‍රවණතාවය රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශාල කුහරයක් නිර්මාණය කොට තිබේ. ආරක්ෂාව යනු අවි අමෝරාගෙන සතුරා නැසීම පමණක් නොවේ. වෙළඳ, ආහාර, සෞඛයය, මහා මාර්ග, අධ්‍යාපන ආදී සෑම ක්ෂේත්‍රයකම ආරක්‍ෂාව යනු මූලික පිටකොන්දයි.
ආයෝජන වලදී බුද්ධි අංශ ඕනෑද?
දුෂණයෙන් තොර සහ වගවීමට බැඳී ඇති ආයෝජකයෙකු තෝරා ගැනීම යනු දේශපාලනමය වශයෙන් පමණක් ලබා ගත හැකි තීන්දුවක් නොවේ. ඒ වටා බැඳී ඇති ක්‍රමවේදයක් තිබේ. ඕනෑම රටක එම මූලික ක්‍රමවේදය හෑල්ලුවට ලක්වීමට ප්‍රධාන හේතු දෙකක් තිබේ. පළමු සහ බොහෝ රටවල දැකගත හැකි වූ කාරණය වූයේ, එම රටවල සැබෑ පරිපාලනය මෙහෙවන අයවලුන්ට දූෂිත සහ වංචාකාරී ක්‍රමවේදය තම පැවැත්ම සඳහා වැදගත් වීමයි. මේ නිසා ඔවුහු වඩාත් කැමති එම ක්‍රමවේදය පවත්වා ගෙන යෑම සඳහාය. දෙවැන්න, ලෝකයේ සිදුවන මෙළොව හසරක් ගැන අවබෝධයක් නැති නමුත් තම පැවැත්ම වෙනුවෙන් ඔනෑම අලුගුත්තේරු කටයුත්තක් සිදුකිරීමට කැමති මෝඩයින් විසින් රටක මූලික පරිපාලනමය ව්‍යුහය මෙහෙය වීමය. මෙම මූලික කාරණා වලින් එකක් හෝ දෙකම බොහෝමයක් දුප්පත් සහ ලෝකයට ණයකාර රටවල නිදන්ගත රෝගය වේ. එවැනි රටවල මැතිවරණ යනු විනෝදාස්වාදය හෝ පළල් බෙදීම් ඇතිකරණ සැණකෙළියක් පමණි. සැබවින්ම, රාජ්‍යය ධනය ඔස්සේ මෙහෙවන මැතිවරණ වල විශාල ගැටලුවක් මතු වී ඇත. එලෙස වියදම් වන මුදල් ආපසු රාජ්‍යට ලබාගැනීමේ කිසිඳු මූලික වැඩපිළිවෙලක් බොහෝ රටවල නොමැත. කුමාරස්වාමි මහතා ජාත්‍යන්තර මූල්‍යය අරමුදල සමඟ රටේ ගිවිසුම් ගැන මූලික විවේචනයක් ඉදිරිපත් කරන විට එය මාධ්‍ය ඉදිරියේ පරිභවයට පත් කරන්නේ ඒ නිසාය.
ලෝකයේ අනෙකුත් රටවල් වල සිදුවන දෑ දැකීමට සමත් මිනිසා තමන්ගේ රටේ තරම ගැන දන්නේය. තමන්ගේ රට ලෝකය යැයි සිතාගෙන ජීවත් වන්නා ලෝකය තබා තමන්ගේ රටවත් දැකීමට සමත් වන්නේ නැත. මෙරට සිදුවූයේ ලෝකය දැකීමට ප්‍රතික්ෂේප කිරීම පමණක් නොව, ලෝකය දැකීමට උත්සහ කරන අයවලුන්ගේ කොන්ද කැඩීම හෝ භූමියෙන් අතුගා දැමීමය. වංචාකරුවා විසින් නිර්මාණය කරන සමාජය වංචාව මූලික කරගත් එකක් වන අතර, ඔහු එම වංචාකාරී සමාජය නඩත්තු කිරීම සඳහා හැකි උපරිම ආයෝජනය සිදුකරණු ලබයි.
වැරදි ආයෝජන නිසා රටවලට සිදුවන බරපතළ හානිය මැනිය නොහැකිය. එහි එක් ඓතිහාසික ඛේදවාචකයක් වන්නේ ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ පිහිටි රසායනික කෘමිනාශක කර්මාන්ත ශාලාවක ඇති වූ සිදුවීමයි. ඇමෙරිකානු ආයෝජකයෙකු විසින් මෙහෙවනු ලැබූ අදාළ කර්මාන්ත ශාලාව ප්‍රදේශයේ දහස් ගණනක් වැසියන් මරා දැමූ ආකාරය ගැන බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳී තිබේ. අදාළ අපරාධයට වැරදිකරුවන් වූ පිරිසට නීතිමය වශයෙන් කටයුතු කිරීමට ඉන්දීය රජය අපොහොසත් විය. මෙම කාරණය වැරදි ආයෝජකයින් හෝ මූල්‍යමය වශයෙන් “ධනවත්” නමුත් ප්‍රතිපත්තිමය සහ මූලධර්ම අතින් සෑමවිටම අනෙකාගේ අයිතිය පාගා දැමීමට මාන බලන ආයෝජකයින් ගැන අවබෝධ කර ගැනීම සඳහා කදිම නිදසුනක් වේ.
එසේම මේ හා සමාන වන තවත් සිදුවීම් දෙකක් වන්නේ, බුරුමයේ කඳු ප්‍රදේශ වල ඇති ජේඩ් ලබා ගැනීම සඳහා චීනය විසින් සිදුකරණ ආයෝජන සහ එමඟින් එම ප්‍රදේශ වල ඇති වී ඇති විශාල පාරසරික හානියයි. එසේම ඉන්දුනීසියාවේ, පැපුවා ප්‍රදේශයේ පිහිටි රත්තරන් ලබා ගැනීම සඳහා කටයුතු කරන ඇමෙරිකානු ආයෝජකයින්ගේ කටයුතුය. මෙහිදී එම රටවල සිටින බරපතල දූෂිත දේශපාලනඥයින්ට සහ ඔවුන්ගේ අවතේවකරුවන්ට අවශ්‍යය “කොමිස් මුදල්” ලබා දෙමින් තම ව්‍යාපාර කටයුතු සිදු කිරීමට එම ආයෝජකයින් කටයුතු කොට ඇත. එහිදී ජනතාවගේ හෝ රටේ දියුණුව කිසිවෙකුගේ සැබෑ වුවමණාව නොවේ.
ලෝකයේ අනෙකුත් රටවල් වල සිදුවන දෑ දැකීමට සමත් මිනිසා තමන්ගේ රටේ තරම ගැන දන්නේය. තමන්ගේ රට ලෝකය යැයි සිතාගෙන ජීවත් වන්නා ලෝකය තබා තමන්ගේ රටවත් දැකීමට සමත් වන්නේ නැත. මෙරට සිදුවූයේ ලෝකය දැකීමට ප්‍රතික්ෂේප කිරීම පමණක් නොව, ලෝකය දැකීමට උත්සහ කරන අයවලුන්ගේ කොන්ද කැඩීම හෝ භූමියෙන් අතුගා දැමීමය. වංචාකරුවා විසින් නිර්මාණය කරන සමාජය වංචාව මූලික කරගත් එකක් වන අතර, ඔහු එම වංචාකාරී සමාජය නඩත්තු කිරීම සඳහා හැකි උපරිම ආයෝජනය සිදුකරණු ලබයි.
ඉදිකිරීම් වලට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යතාව
වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම මූලික කාරණය විසඳීම සඳහා කටයුතු කිරීමේදී එතරම් සමත්කමක් දක්වා නැත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, රටේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් ඇතිබව පෙන්වා දීම ඉතාම වැදගත් කාරණයකි. මන්ද, ගෙවෙමින් පවතින කාලය තුළදී කර්මාන්ත ශාලා මෙන්ම, නව මහල් නිවාස ඉදිකිරීම ක්‍රමයෙන් ව්‍යාප්ත වේ. සෑම විටම ලාභය සොයන ආයෝජකයින් සිටින තැනක ඔවුහු සොයන්නේ නීතිමය වශයෙන් ඇති බැඳීමට වගවීම නොවේ. මෙය බොහෝමයක් රටවල් මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් විය.
මෙවැනි දෑ වලදී රටක බුද්ධි අංශය සහ එය නියෝජනය කරන අයවලුන්ගේ විෂයානුබද්ධ දැනුම පෝෂණය කිරීම රාජ්‍යය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම වැදගත් වේ. එසේම විෂය දන්නා අයවලුන්ගෙන් ප්‍රයෝජනය ගැනීම අත්‍යවශ්‍යය වේ. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ වියරුවෙන් සහ රුහිරයෙන් හෙම්බත් වූ ජාතියක පරිපාලනමය ව්‍යුහය ජනතාවට සහ රටේ දියුණුවට අවශ්‍යය ආකාරයෙන් වෙනස් කළ හැකිවන්නේ එවිටය. ඒ වෙනුවට තම දේශපාලන ආවතේවකරුවන්ගෙන් ලෝකයේ සෑම රටකම පාහේ තිබෙන ශ්‍රී ලාංකික තානාපති කාර්යාල පිරවීම, සහ ඒවා දේශපාලනයෙන් කුණු වූ ආයතන බවට පත් කිරීම මඟින් ලබාගත හැකි ප්‍රතිඵලය කුමක්ද?
රටක බුද්ධි අංශය වැදගත් වන්නේ දේශපාලන ප්‍රතිවාදියා මරාදැමීමට, ප්‍රගිතිසිලී පිරිස අතුගා දැමීමට හෝ රටේ ජනතාවගේ රුහිරය උරාබීමට නොවේ. එය වැදගත් වන්නේ රාජ්‍යය ප්‍රතිපත්තිමය වශයෙන් නිවැරදි මාවතකට රැගෙන ඒම උදෙසාය. ඊට අවශ්‍යය සම්පත් සහ ධනය මෙන්ම දැනුම ලබාදීම නායකත්වය ප්‍රතිපත්තිමය වශයෙන් ලබාගත යුතු තීන්දු වේ. ඒ වෙනුවට “එහෙයි” කියන එහෙයියන් පත්කරගෙන තම ස්ව ආස්වාදය තමන්ගේ කූඩුව තුළ ලබා ගනිමින් විනෝද විය හැකිය.එම විනෝදයේ අවසානය සෑම විටම ඛේදවාචකයක් වේ.
මේ හා සමානව ඇති දේශීය අත්දැකීම වන්නේ ඇවන්ට් ගාඩ් මැරිටයිම් සමාගමයි. ඊට අදාල නඩු විභාගය නව වසරේ ආදරවන්තයින්ගේ දිනට පසුදින යළි කැඳවීමට යෝජිතය. අදාළ සමාගම, රක්නා ලංකා සමාගම විසින් සිදුකරමින් සිටි විෂයයක් තමන්ගේ දෑතට ගැනීමට සමත් වූ සමාගමකි. තමන් සෑම විටම නිවැරදි බව සමාගම කියන අතර තම ව්‍යාපාරය පැහැරගත් බව ඔවුන්ගෙන් නැගෙන මූලික චෝදනාව වේ. යළිත් පැරණි විවාදය සඳහා ගමන්කළ හැකි මෙවැනි සිදුවීම් වලදී දැකගත හැකි එකම මූලික කාරණය වන්නේ තම අරමුණු වෙනුවෙන් ඍජුව පෙනී සිටීමට රාජ්‍යය ඇති ශක්තිය බෙලහීන වීම සහ රාජ්‍යය සංස්ථා බංකොලොත් කොට ඇති ආකාරයයි. අදාළ ව්‍යාපාරය එතරම් සාර්ථකව සහ නීත්‍යානුකූලව කටයුතු කළේ නම්, ඉතාම දුක් මහන්සියෙන් උපයන මුදල තොරගත් අයවලුන් අතර “කප්පම්” ලෙස හෝ “දේශපාලන ආධාර” ලෙස බෙදා දී ඇත්තේ මන්ද? රටේ ආයෝජකයෙකු මුහුණ දෙන බරපතළ තත්වය සහ ආයෝජකයින් රටේ මූලික නීතී සම්ප්‍රදාය නැවීමේ විපාක අවබෝධ කර ගැනීම සඳහා මෙය කදිම නිදසුනකි.
මෙහිදී සඳහන් කළ යුතු මූලික කාරණය වන්නේ බිලියන ගණනක් වියදම් විය හැකි යුද්ධයක් මිලියන ගණනක් වියදම් කොට තනන සාර්ථක බුද්ධි අංශයකින් නවතා දැමීමට මෙන්ම රටකට සිදුවිය හැකි උපද්‍රව වලින් එම රට බේරා ගැනීමට හැකි වන බවයි.
උපුටාගත්තේ SLG