උපුටාගැනීම්සාමාන්‍ය

අරගලයට නායකත්වය දී ජයගන්නා බව ශිෂ්‍ය ව්‍යාපාරය පෙන්වා දී තිබේ – දුමින්ද නාගමුව

“සයිටම් උපාධි කඩය අහෝසි කරනු!” යන සටන්පාඨය යටතේ අධ්‍යාපනය පෞද්ගලිකකරණයට එරෙහිව පුලුල්තම වේදිකාවක් ගොඩ නගමින් එම අරගලය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සමත් බව සනාථ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

දේශපාලන පක්ෂ, සංවිධාන, වෘත්තිය සංවිධාන හා ව්‍යාපාරවල නායකත්වයෙන් මෙම රැලිය පැවතියේ සයිටම් විරෝධී සිසු – ජන ව්‍යාපාරයේ ජනරැළිය අමතමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

මින් පෙර සයිටම් උපාධි කඩයට එරෙහිව සිටගන්නට කල්පනා නොකළ, ඒ වෙනුවට අධිකරණය හරහා හෝ වෙනත් දියාරු ක්‍රමවලින් සටන මගහැර යන්නට හේතු සොයමින් සිටි දේශපාලන බලවේග පවා අද එක් වේදිකාවකට ඒකරාශි කරමින් සයිටම් විරෝධී අරගලයේ පුලුල්තම වේදිකාවක් බිහි කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය සහිත ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ඒ හැකියාව තමන් සතු බව ඔප්පු කර ඇති බව ඔහු කීය.  මෙම රැළියට වාමාංශික පක්ෂ, වාමාංශික සංවිධාන, වෘත්තිය සමිති සහ බහුජන ව්‍යාපාර රැසක් එක් වෙමින් පවසා සිටියේ අධ්‍යාපනයේ නිදහස් හා නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට තමන් දායක වන බවයි. සයිටම් හොර උපාධි ආයතනය පරාජය කරමින් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ අරගලයේදී කළ යුතු සියලු කැපකිරීම් සිදුකරන්නට තමන් සූදානම් බව කතිකයන් බොහෝ දෙනා විසින් දුන් පොරොන්දුවකි.

එක් පැත්තකින් අධ්‍යාපනයට ඇති සම අවස්ථා අහිමි කරමින් අධ්‍යාපනය මුදලට අලෙවි කරන න්‍යායපත්‍රය ඉදිරියට ගෙනයාමේ ආණ්ඩුවේ අවශ්‍යතාව සයිටම් ආයතනයට සහාය දෙන විවිධ බලවේගවලින් පිළිබිඹු කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරැ ළහිරු වීරසේකට පැවසීය. අධ්‍යාපනය විකිණීමටත් සයිටම් උපාධි කඩය නීතිගත කිරීමටත් වෙනත් පෞද්ගලික උපාධි ආයතන බිහිකිරීමටත් ආණ්ඩුව විසින් සැලසුම්කරද්දි ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය එම උත්සාහයට එරෙහි අරගලයේ නියම කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින් සිටින බව ළහිරු තවදුරටත් කීය. වරින්වර අධ්‍යාපනය අයිතියක්, වෙළෙද භාණ්ඩයක් නොවේ වැනි සටන්පාඨ හරහා සටන් වදිමින් ශිෂ්‍ය ව්‍යාපාරය ගෙනගිය විරෝධතා වෙනුවට එම අරගලය මුලා කිරීමට උත්සාහ ගන්නේ කවුදැයි යන අරගලය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පන්ති තහනම් කරමින් බව සිරගත කරමින්, සයිටම් අරගලය යටපත් කරන්නට ආණ්ඩුව දැරෑ උත්සාහය නිසා තවත් සහෝදර සහෝදරියන්  ඒ වටා රොක්වෙමින් සිටින බව අන්තරයේ කැදවුම්කරු කීය. එසේම ශිෂ්‍ය නායයෝ සිරගත කර ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගල ආපසු හරවන්නට ආණ්ඩුවට නොහැකි බව පේනවා ඇතැයි ද ඔහු පිරිසගේ අත්පොළසන් මැද පැවසීය.  ලාංකීය ශිෂ්‍ය ප්‍රජාව විසින් ගම් නියම්ගම්වල ජනයා දැනුවත් කරමින් ආරම්භ කළ අවස්ථාවේ ඊට නායකත්වය දෙන අන්තරය අවතක්සේරු කරන්නටත් අන්තරයේ උපායමාර්ගවලට එරෙහි අවලාද නගන්නටත් ඇතැම් උත්සාහයන් මතු වූ බව ඔහු පෙන්වා දුන්නේය. ඒ සියලු අවලාද හා කකුලෙන් ඇදීම් පරදවා නිවැරදි නායකත්වයක් යටතේ නිදහස් අධ්‍යාපන අයිතිය හා අධ්‍යාපනයේ නිදහසත් ආරක්ෂා කරන්නට ගෙන ගිය සටන එහි පුලුල්තම බලවේග ඒකාරිශිකිරීම වෙත යන්නට අන්තරය සමත් වු බවද ඔහු කියා සිටියේය.

එසේම සයිටම් ආයතනයේ නිලධාරින් වෙනත් පාර්ශ්ව හරහා අනතුරට ඇද දමා සයිටම් උපාධි ආයතනයට එරෙහි ව අරගලයේ යෙදෙන බලවේග මර්දනයට උත්සාහ කිරිම හෙළා දකින බවද ඔහු පැවසීය.

උපුටාගත්තේ ලංකාවීව්ස්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *