උතුරේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ සාධාරන අරගලයට සහයෝගය පල කරමින් ඊයේ (14) කිලිනාච්චියේ පැවැති සත්‍යග්‍රහයට නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ (Free Women!) ක්‍රියාකාරිනියන් පිරිසක් එක් වූහ.
උතුර හා නැගෙනහිර ජනතාව යුද්ධයෙන් සත්වසරක් ගෙවී ගියද උතුරේ ජනයා තවමත් මිලිටරි බලහත්කාරයෙන් පීඩා විදින අතර ඔවුන්ගේ දරුවන් අතුරුදන්වීම ගැන හෝ සිරගත කළ දරුවන් නිදහස් කරන ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටී. රාජපක්ෂ පාලනයෙන් ඒ පිළිබද නොසළකා සිටියා මෙන් හවුල් ආණ්ඩුවෙන්ද එම ඉල්ලීම් ඉල්ලා මහමග උද්ඝෝෂණ කරන්නට ඔවුන්ට සිදුව ඇත.
අතුරුදන් වූ තම දරුවන් පිළිබද සත්‍ය හෙලිදරව් කරන ලෙසත්, දේශපාලන හේතු මත සිරගත කර උතුරේ හා නැගෙනහිර තරුන තරුනියන් නිදහස් කරන ලෙසත්, තම ඉඩම් තමන්ට නැවත ලබාදෙන ලෙසත් ඉල්ලා උතුරේ ජනතාව ගෙනයන අරගලයේ පියවරක් ලෙස සංවිදානය කෙරුනු කිලිනොච්චියේ සත්‍යග්‍රහයේ අවස්ථා කිහිපයකි මේ.
උපුටාගත්තේ LV