උපුටාගැනීම්සාමාන්‍ය

මෛත්‍රී, සයිටම් සාකච්ඡාවේ සියලු පාර්ශ්ව සලාදයෙන් මහින්ද පරදවයි!

සයිටම් ආයතනය හරහා අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ ආණ්ඩුවේ සැලැස්ම අභියෝගයට ලක්වත්ම තමන් ඊට විසදුම් දෙන බවට ප්‍රකාශ කළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂටත් අන්ත ආකාරයේ ක්‍රීඩාවක නියැලෙන බව ශිෂ්‍ය නියෝජිතයෝ චෝදනා කරති.

ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවට කැදවා ඇති සියලු පාර්ශ්වවල නියෝජිතයන් සදහා ශිෂ්‍ය ව්‍යාපාරය අදාළ වී නැත. සයිටම් ආයතනය ආරම්භ කළ අවස්ථාවේ දිටම ඊට එරෙහි සටන්වල නිරත වූයේ විශ්ව  විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයත්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවත් එම අරගලයට නායකත්වය දුන් අතර මේ වනවිට සියලුම වෛද්‍ය පීඨවල සිසුන් අධ්‍යයන කටයුතුවලින් බැහැරව ඊට විරෝධය පළකරමින් සිටී. වාම දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, මෙන්ම සාමාන්‍ය ජනතාවගෙන්ද මෙම හිෂ්‍ය අරගලයට සහයෝගය හිමි වී ඇත.

මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අගනුවර දෙවනත් කළ ශිෂ්‍ය විරෝධතා හමුවේ කරකියාගත හැකි දෙයක් නොවූ විට සමාජ අපවාදයෙන් මිදීමට ආණ්ඩුව වෙන්වෙන් ජනාධිපතිවරයා පවසා සිටියේ සියලුම පාර්ශ්වවලට පිළිගත හැකි විසදුමක් දෙන බවය. ප්‍රශ්නයට මුල් වූ ආයතනයට වාසිදායක විසදුමක් දෙන්නට ආණ්ඩුව පියවර තැබුවේ එලෙසිනි. පසුගිය 17වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා සමග දෙවැනි වරටත් පැවැත්වූ සාකච්ඡා කිසිඳු එකඟතාවයකින් තොරව අවසන් වූ බව එම සංගමය පවසයි. ජනාධිපතිවරයා අසනීප වීමෙන් කල්දැමූ බව කී මෙම සාකච්ඡාවට ශිෂ්‍ය ව්‍යාපාරයේ කිසිදු නියෝජිතයකු කැදවූයේ නැත. එහෙත් ඒ අවස්ථාවට උසස් අධ්‍යාපන ඇමතිවරයා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, රජයේ වෛද්‍ය පිඨවල පීඨාධිපතිවරු, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්, වෛද්‍ය සභාවේ නියෝජිතයින්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් මෙන්ම සයිටම් නියෝජිතයින්ද සහභාගී කරගෙන තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් එහිදී සයිටම් ආයතනයේ ප්‍රමිතිය සහ එහි නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ විට ඊට පිළිතුරු නොලැබුණු බවත් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම වෙනුවට සාච්ඡාව නැවත වටයක් දක්වා දිර්ඝ කරමින් කල් මැරීමට එහිදී ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් එම සංගමය චෝදනා කරයි.

උපුටාගත්තේ LV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *