සාමාන්‍ය

ගාලු කොටුවේ මුස්ලිම් සාන්තුවරයෙකුගේ සොහොනක් කඩාබිඳ දමයි

ගාල්ලේ කොටුව ඇතුළත කොටු බැම්මට පිටත මුහුද ආසන්නයේ පිහිටා තිබෙන මුස්ලිම් ජාතික සාන්තුවරයෙකුගේ සොහොනක් වටා තිබුණු බීරළු වැට 17 දින රාත්‍රීයේ හෝ ඊට පෙර  කිසියම් පිරිසක් විසින් කඩා දමා හානිකර ඇත.

එම සාන්තුවරයා සිහිකරමින් මුස්ලිම් ජනතාව එම ස්ථානයේ වාර්ෂික උත්සවයක්ද පවත්වති.

මීට ශතවර්ෂ ගණනාවකට පෙර සොහොයුරන් හත් දෙනකුද සමග ශ්‍රී ලංකාවට ලඟා වූ සාලිහ් වලියුල්ලාහ් (සාන්තුවරයා) ගේ දේහය එහි තැන්පත්කර තිබෙන බව මුස්ලිම් ජනතාවගේ විශ්වාසයයි.

සිද්දිය සම්බන්ධයෙන් ගාල්ල කොටුව මුස්ලිම් සංස්කෘතික සංගමය විසින්  ගාල්ල පොලිසි වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *