සාමාන්‍ය

මාධ්‍ය නිදහස් දර්ශකයේ ලංකාව 141ට

බොහෝ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසනවා. අදට යෙදෙන ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ දුෂණයට විරුද්ධව සටන් කරන ලොවපුරා සිටින මාධ්‍යවේදීන් මර්ධනයට ලක්ව ඇති බවයි.

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ලොව පුරා රටවල් එකසිය අසුවක් අතරින් ශ්‍රි ලංකාවට හිමිව ඇත්තේ එකසිය හතලිස් එක්වන ස්ථානය බවයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය නිවේදනය කලේ. ඒ ඒ රටවල මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව / නීතිමය රාමුවේ ගුනාත්මකභාවය / මාධ්‍ය නිදහස මෙන්ම බහුවිධතාවය වැනි කරුනු සැලකිල්ලට ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *