හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන 18 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි විසිනුයි අද මෙම නියෝගය ලබාදුන්නේ.
වසීම් තාජුදීන් ඝාතන සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාලවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනුනේ. කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක අද අධිකරණයට දැනුම් දුන්නා.